2013 පෙබරවාරී 21 වැනිදා තවලම ලංකා බැංකුව කොල්ල කෑ බවට වරද පිළිගත් දෙදෙනකු රුපියල් විසිපන්දහසක දඩ සහ වසර පනස් දෙක බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ ගාල්ල මහාධිකරණ විනිසුරු කේ බී.කේ හිරිඹුරේගම මහතා එම සිර දඩුවම් වසර පහළොවකදී එකවර ගෙවී යන බව ද ප්‍රකාශ කළේය.
මාපලගමගේ සුජිත් කිත්සිරි සහ හේවගේ සුමිත් හෙවත් ආමි සුමිත්ට චෝදනා හයක් යටතේ නඩු පවරා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරුවන්ට ලිහිල් දඬුවම් නැතහොත් ටික කලකින් නිදහස් කර යැවීම නිසා දඬුවමේ දැඩිකම බාලවී ගණන් නොගන්න තත්වයකට පත්වී ඇත .මරණ දඬුවම නැවතීමෙන් එය පැහැදිලිවේ. (ස)
නියම තීන්දුවක් (නි)
බැංකුවක් කොල්ලකෑවාට දඬුවම වසර 52 නම් මුළු රටම කොල්ලකන උදවියට දෙන දඬුවම ආත්ම ගානක් වෙන්න පුළුවන්. කොහොම නමුත් වසර කිහිපයක් අපායේදී ගෙවීයන විදිහට දඬුවම දෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපායත් කොල්ලකෑමේ තර්ජනයකට මුහුණ දෙනවා මේ අය එහෙ ගියොත්. (නි)
සිරදඬුවම් නියම කරනකොට ඉස්සරහට තිබෙන නිදහස් උත්සව ගණන, වෙසක් පෝයවල් ගණන, එහෙම ගණන් කරලා ඒ අනුව කාල සීමාව නියම කරනවා නම් කොච්චර වටිනවද? නැත්නම් දඬුවම් වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. (නි)