පසුගිය පෙබරවාරි 16 වැනිදා බෝකුන්දර බැංකුවකින් රුපියල් 9 ලක්ෂයක් පමණද මාර්තු 3 වැනිදා අත්තිඩියේ තවත් බැංකුවකින් රුපියල් ලක්ෂ 46 ක්ද කොල්ල කෑ බව කියන සැකකරුවකු අද (29) අත් අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ අංශය කියයි.
බැංකුවල ආරක්ෂකයනට පහරදී වෙඩිතබා මුදල් පැහැරගත් පුද්ගලයා මොහු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. දැනට මෙම සිද්ධියේ සැකකරුවන් 4 ක් අත් අඩංගුවට ගෙන ඇතැයිද කොල්ලකෑ මුදල් ළඟ තබාගත් පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට නියමිත යැයිද කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු හොරුන්ට යහ පාලනය අරහන්ද ? (නදී)
බැංකුවල නෙමෙයි ඕනෑම තැනක කාර්යක්ෂම ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කලොත් ගොඩක් දුරට රටේ සිදුවෙමින් පවතින අපරාධ රැල්ල මැඩලන්න පුළුවන් වේවි! (ම)
හොරාගේ හෙල්මට් එක ෆුල් ෆේස් ද? හොරා වෙඩි තිබ්බේ හෙල්මට් එකෙන්ද? (බ)
තොරතුරු නැත්නම් පොළීසියට කිසිදෙයක් කරන්න බැහැ. තොරතුරු තියෙනවා නම් අපිටත් ඔය වැඩ කරන්න පුළුවන්. පොළීසියක් මොකටද ඒකට? (ස)
අප්පුහාමි මාමා හොරා ලග තිබිල තියෙනවා පිස්තෝලයක් එකෙන් වෙඩි තියල තියෙන්නේ. (ස)
අප්පුහාමි සිව්පාවෙක්ද? නැත්නම් හෙල්මට් එකෙන් වෙඩි තිබ්බේ? (බ)
අපේ පොලිසිය දක්ෂයි (නි)
ඉතින් අපි බැංකු උගස් ගන්න තැන වහලා දාමුකෝ. එතකොට හොරුන්ට හොරකම් කරන්න බැහැනේ.ෆුල්ෆේස් තහනමට වඩා මගේ යෝජනාව හොඳ නැද්ද? (නි)