පසුගිය 22 වැනි දා බණ්ඩාරගම බැංකුවක් අසලදී  රුපියල් දෙලක්ෂ විසි පන් දහසක බෑගයක් පැහැර ගත් බව කියන බොක්ෂිං ෂූරයෙක් ද, ඔහුගේ සගයෙක් ද නුගේගොඩදී හා බෙල්ලන්තරදී අද අත්අඩංගුවට ගනු ලැබූහ.

පැහැරගත් මුදලින් රුපියල් එක් ලක්ෂ අනූ දහසක් ද සොයා ගත් බව පොලිසිය පවසයි.

එම කාන්තාව බැංකුවෙන් මුදල් ගනිද්දී ඔත්තු බැලූ සැකකරුගේ ඡායාරූප සීසීටීවී දර්ශන ආශ්‍රයෙන් ලබා ගත් පොලිසිය ඒ ඔස්සේ මංකොල්ලයට යොදා ගත් කාරය ද අත්අඩංගුවට ගත් බවත්, කොල්ලකරුවන් දෙදෙනාට හොරෙන් එම බෑගයෙන් රුපියල් විසි පන් දහසක් සොරාගත් පුද්ගලයකු ද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.

කඩ කුලී හා ෆ්‍රිනෑන්ස් ගෙවා ගැනීමට නොහැකිව බොක්ෂිං ෂූරයා සිය පළමු කොල්ලය සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි.

webDSC08771 webvlcsnap-2016-12-29-14h23m06s28