
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා අපේක්ෂකයන් තේරීමේ කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත්කළ බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා අද (5) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ විධායක සභා රැස්වීම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පස්වරුවේ පැවැත්විණි.
එම විධායක සභා රැස්වීමේදී එළඹි තීරණ පිළිබඳව කළ විමසුකදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.
මෙම රැස්වීමේදී පක්ෂ අභ්‍යන්තර තීරණ රැසකට එළඹි බව කී කාරියවසම් මහතා පැවසුවේ පළාත් සභා අපේක්ෂකයන් තේරීමේ ප්‍රධාන කමිටුවට අමතරව පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමින් අනුකමිටු පත්කිරීමට නියමිත බවත්ය.
ප්‍රධාන කමිටුවට පක්ෂය සහ බිම් මට්ටමේ දේශපාලනය පිළිබඳව හොඳ අවබෝදයක් ඇති හිටපු ඇමතිවරු ඇතුළු සාමාජිකයන් රැසක් ඇතුළත් වන බවත් පක්ෂයක් ලෙස පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත් සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාගේ ඇප කැන්සල් වුනොත් අපේක්ෂකයින්ට වැලිකඩ ගිහින් කමිටුවේ වැඩ කරගන්න පුළුවන්...
ලූලා නැති වලට කණයා පණ්ඩිතයා...
මොන ලේකම්කම් දැරුවත් රටේ නායකකම නම්.... මෙහෙ හොරුන්ට නැවත දෙන්න එපා. නාකිමයිනාට දැන් ආතක් පාතක් නැති නිසා. කොර ගහගහ එනවා. බලය තිබ්බා නම්. මොන්ගල් ගොබ්බ හොරුන්ට කෝටි ගණන් දීලා පක්ශෙට ගන්නේ. මැරෙන්න කලින් මෝඩ බේබිට රටේ තැනක් හදලා දෙන්න දගලන්නේ. බේබිලා මෝඩයි කියලා පොඩි කාලෙම දැගත්තා. ඒ හින්දා රැකියා උසස්වීම් දෙන්නේ. ඉගෙනීමට නෙවෙයි තමන්ගේ බලය පෙන්නලා. දැන් අනාගන තියෙන්නේ.. මේ අයට විතරක් ඡන්දේ දෙන්න එපා. හිරේ අයට දුන්නත්...
උගත්, ගුණවත්, චරිතවත්, පස්පවින් තොර, මනම්පේරිලා ගොන්නක්ම තෝරාගනීවි.
ජොන්ස්ටන් මහත්තයෝ... අපේක්ෂකයින් හැටියට... අපරාධකරුවන්, දූෂිතයන්, චණ්ඩින් පත් නොකර, අපිට අපේ නියෝජිතයා කියලා කට ඇරලා හොද උජාරුවෙන් කියන්න පුළුවන් විදිහේ හොද වැදගත්, උගත් විනීත සහ ශීලාචාර මිනිසුන් පත්කරන්න.
චෝදනා නැති අයට විතරක් අපේක්ෂක කම දෙනවා කිව්ව නාමල් කෝ...? දැන් තෝරන්න දාලා ඉන්නෙම චූදිතයෙක්...