IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලු පහර කෑ පී.සී මරුට

(පද්මසිරි ගාර්දියවසම්)

තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේදී මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි .

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් රියැදුරු. (77064)ලියන ආරච්චිගේ සමන් කුමාර නමැති නිළධාරියාය.

ඔහු පෙරේදා (8) රාජකාරි නිමාවී නිවසේ සිටියදී ඔහුගේ සොහොයුරකු සමග ආරවුලක් ඇති කරගත් පිරිසකගෙන් ඒ ගැන විමසීමට ගිය විට මෙම මැර ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය පැවසීය .

අතින් පයින් සහ පොලුවලින් පහරදීමෙන් තුවාල ලැබූ සොහොයුරන් දෙදෙනා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හිසේ වූ බරපතල තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත් පොලිස් කොස්තාපල්වරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි පොලිසිය පැවසීය .

පොලිස් නිළධාරියාට පොල්ලකින් හිසට පහරදුන් සැකකරු ඔහුගේ නිවසට ආසන්න නිවසක පදිංචි කරුවකු බව පොලිසිය පැවසීය .



අදහස් (4)

පොලු පහර කෑ පී.සී මරුට

G ajith Saturday, 10 August 2024 01:07 AM

ඇත්තටම මට තේරෙන්නෑ... මේකේ මේ නිලධාරියාගේ වරදක්ද? එහෙම නැත්නම් මේක නීතියේ වරදක්ද? එහෙම නැත්නම් මේක සමාජයේ මිනිස්සුන්ගේ තියෙන නිකන් පිළිගැනීමේ මතය වරදක්දැයි මට තේරෙන්නෑ. මට පුළුවන්නම් කවුරුහරි පහදලා දෙන්න... මොකක්ද මේකේ ඇත්ත තත්වය කියලා...!

:       1       1

Perera Saturday, 10 August 2024 06:21 AM

පොලිසියේ අයට සමාජයේ කිසිම ගෞරවයක් පිලිගැනිමක් නැ දැන් මේ සමාජයේ

:       0       9

sunimalSaturday, 10 August 2024 09:42 AM

Perera පොලිසියට කියා අමුතු ගෞරවයක් තිබිය යුතු නැහැ. පොලිසිය කියන්නේ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා මහජන බදු මුදලින් නඩත්තු කෙරෙන සේවාවක්. එහි නිලධාරීන් කළයුත්තේ නීතිය අකුරටම පිළිපදිමින් නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඔවුන්ට අමුතු ගෞරවයක් දෙන්න ගියාම හෝ ඔවුන් අමුතු ගෞරවයක් අපේක්ෂා කළාම නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පොලිසිය නීති කඩන ඕනෑම තැනකදී ඊට ක්ෂණිකවම උපරිම දඬුවම් දෙන ක්‍රමයක් හැදුවොත් නීතිය හා සාමය අකුරටම අදාළ සමාජය තුළ රැකේවි...

:       0       6

කොස්තාපල් පුන්‍යදාස Saturday, 10 August 2024 08:10 AM

පොලිසියේ වුනත් නීතිය කෙසේවත් නොදන්නා බව පේනවා නැත්නම් ඔහු පොලිසියේ රියදුරු නිසා හිස උදුම්මාගත් කෙනෙක් කියන්න පුළුවන් ඇතිවූ ගැටලු අධිකරණයට ගොස් බේරගන්න කටයුතු කලා නම් මිනිහා මැරෙන්නෙ නැහැ

:       4       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site