
(සුජිත් හේවාජුලිගේ)
පොලිසියේ විවිධ තරාතිරම්වල නිලධාරින් තිස් අටදහසක පමණ හිඟයක් පවතින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
එම තත්වය පොලිස් සේවය පවත්වාගෙන යෑමට ලොකු අභියෝගයක් බවද හෙතෙම සඳහන් කළේය.
පොලිස් මූලස්ථානය පවසන අන්දමට පොලිසියේ සිටිය යුතු මුලු නිලධාරින් සංඛ්‍යාව 84000කි
පොලිසියට තවත් දස දහසක් බඳවා ගැනීමට ජනාධිපතිවරයාගේ අවසරය ලැබී ඇති බව කී පොලිස්පතිවරයා රට බංකොලොත්භාවයට පත් වූ පසු වසර හතරකින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නොකළ බවද සඳහන් කළේය.
මේ තත්වය අන් කවර තැනකටත් වඩා විශේෂයෙන් පොලිසියට බලපෑ බව කී හෙතෙම නිලධාරීන්ට අවශ්‍ය යටි ජල පහසුකම් නොමැතිකමින් ඒ අවශ්‍යතාව තවත් තීව්ර වන බවද ප්‍රකාශ කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්න අයගෙනුත් කීදෙනෙක් ඔය පුටුවල ඉන්න සුදුසුද ... කලින් අයගේ agenda කරල අධිකරණයෙන් මානව හිමිකම් කැඩුව අය කීයද? විනය විරෝධී වැඩ කරල වරදකාරයෝ වුන අය කීයද? අන්න ඒ වගේ ගණන් තමයි බහුතරයකට දැනගන්න අවශ්‍ය.
එක්කෙන ඉන්න ඔන තැන්වල හතර පහ ඉන්නව. පොඩ්ඩක් පාරෙ අවිදල බලන්න. සමහරු ෆෝන් එකෙමයි. මොනව වෙනවද වගේ වගක් නැහැ.
දේශපාලකයන්ට කඹුරන්න ගිහිල්ලා මේ රටේ මොනතරම් පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් හිරේ විලංගුවේ වැටුනද ? මේ වැනි හේතු නිසා පොලිසියට බැඳෙන්නට බොහෝ දෙනා අකමැති වී ඇති බව පෙනේ. ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ, මේ රටේ පොලිසියට තිබෙන දුෂ්කරතා මෙන්ම ඔවුන්ගේ රාජකාරි කටයුතු කිරීමට දේශපාලකයන් ගෙන් බාධා සිදුවෙනවාදැයි සොයා ඒවාට නිසි පිළියම් යෙදිය යුතුය.
පුරවන්ට අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට දෙයියනේ කියල රටේ පාරේ බැහැල යන්ට පුළුවන්