(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිසියට ඔත්තු ලබා දුන්නැයි උරනව තියුණු ආයුද රැගෙන තීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී පෙදෙරේරුවකු පසුපස  හඹා ගොස් සිදු කළ පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

පහරදීමට යොදාගත් එක් කඩුවක් තුවාල ලද පුද්ගලයාගේ අතක  රැඳී එය ඉවතට ගැනීමට නොහැකිව සන්නද්ධ පිරිස එම කඩුව සහ තවත් කඩුවක් එම ස්ථානයේ දමා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි

කැපුම් තුවාලයක් සමගම අතෙහි රැඳුනු කඩුව දෙකට නැවී ඇතැයිද පොලිසිය කියයි

මිල්ලනිය පොලිස් වසමේ මල්වත්ත ප්‍රදේශයේ පදිංචිව 29 හැවිරිදි පෙදරේරුවකු මෙලෙස තුවාල ලබා හොරණ මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.