IMG-LOGO

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා


පේරේ ට ගන්න කලින් මනස ගැන සොයයි

(ධම්මික ගුණවර්ධන )

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා සියලුම නවක සිසුන් මෙම වර්ෂයේ සිට කායික හා මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බව එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.

 දැනට සිදුකරන කායික පරීක්ෂණයට අමතරව මානසික ‍වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන බවත් සිසුන් අතර පවතින මානසික ගැටලු හදුනා ගැනීම මෙමගින් අපේක්ෂා කරන බව ඒ මහතා කීවේය.

උපකුලපතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ‍විශ්ව විද්‍යාලීය සනාථන මන්දිරයේදී  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් කිහිපදෙනකු සිය දිවි නසා ගැනිම පිළිබදව විශ්ව විද්‍යාලීය පාලන අධිකාරිය අවධානය යොමු කොට මෙම නව තීරණය ගත් බව කී ඒ මහතා, වෛද්‍යපීඨය‍ සහ කළමණාකරණ පීඨය සඳහා මේ වන විට නවක සිසුන් ඇතුල් කර ගත් බව ද කීවේය.

ලොව පිළිගත් උසස් අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලව පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ විෂය මාලා ක්‍රියාත්මක වන බවත් එම පාඨාමාලා හේතුවෙන් සිසුන් මානසික ගැටලුවලට බදුන්වීමට හේතුවක් නැතැයි ද ඒ මහතා කීහ.

 නමුත් වසංගත තත්ත්වය හේතුවෙන් දෙවසරක් ආරම්භක පාඨමාලා අහිමිවූ සිසුන්ට මාර්ගගත අධ්‍යාපනයෙන් මිදී භෞතික අධ්‍යාපනයට යොමුවූ පසු මෙම ව්‍යාකූල තත්ත්වය ඇති විය හැකි බවට අනුමාන කළ හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

නමුත් උසස් මානසික තත්ත්වයට ගෙන ඒම සඳහා සිසුන්  මානසික වෛද්‍ය පරීක්ෂණයට යොමු කිරීමට අමතරව ක්‍රීඩා, කලා හා සංස්කෘතික කටයුතු ආදිය‍ වෙතද ඔවුන් යොමු කරන බව උපකුලපතිවරයා සඳහන් කළේය.

උපාධි අපේක්ෂක සිසුන් සඳහා අමතර ආදායම් හිමිවන අර්ධකාලීන රැකියා අවස්ථා ලබාදිමට මෙන්ම මෙම වර්ෂයේ සිට ශිෂ්‍ය සුභ සාධක අරමුදලක් ස්ථාපිත කිරිමට ද පියවර ගන්නා බව උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

 

 

 



අදහස් (10)

පේරේ ට ගන්න කලින් මනස ගැන සොයයි

කිරිපුතා Monday, 13 March 2023 10:35 AM

පේරාදෙණිය විතරක් නෙවෙයි සියලුම උසස් අධ්‍යාපන ආයතන සඳහා ඇතුලත්වන සිසුන් සඳහා සෞන්දර්යාත්මක වැඩසටහන් තිබිය යුතුයි. කාලකන්නි දේශපාලනයෙන් ළමයින් ඉවත්විය යුතුයි . තිරිසනුන් මෙන් කරන නවක වදයෙදී ඒ සිසුන්ගේ ශිෂ්‍ය භාවය අයින් කළ යුතුයි . හොඳින් බැරිනම් තද නීති වලින් හෝ විනය නම් හැදිය යුතුමයි. නැත්නම් උපාධි සහිත සත්තු ටිකක් සමාජයට එනවා

:       2       18

ලමයෙක් Monday, 13 March 2023 10:58 AM

හොඳ වැඩක්. හැබැයි තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලෙ දිහාත් බලන්න. ඕකෙ ඉන්න ගුරුවරු සහ පාලකයන් ඔක්කොම කහමලෙන් නාලා ඇවිල්ලා නැති නිසා එයාලගේ මනසත් පරීක්ෂා කරලා අවශ්‍ය පියවර ගන්න.

:       1       15

saman Monday, 13 March 2023 11:33 AM

ඉංජිනේරු පීඨයේ ඉගෙනීමට මනස සුවපත් කරන පසුබිමක් අවශ්‍ය නැත.

:       8       1

prasanna Monday, 13 March 2023 11:41 AM

තව අය ඉන්නව, ස්ටාලින්, වසන්ත මුදලිගේ.

:       4       10

ravin Monday, 13 March 2023 12:31 PM

බැරිද ඔය ක්‍රමවෙදයම රටෙ උත්තරිතර යයි කියාගන්න තැනටත් ක්‍රියාත්මක කලොත්.

:       3       4

HombaleMonday, 13 March 2023 01:50 PM

මුලින්ම එතැන තමයි ක්‍රියාත්මක කරන්න ඕනේ...

:       2       4

සුනිල් Monday, 13 March 2023 01:08 PM

පේරාදෙණියට විතරක් නෙමේ දියවන්නාවට කට්ටිය තෝරගන්න කලින් ඔවුන්ගේ කායික, මානසික, ආර්ථික සහ චරිතය ගැනත් පරීක්ෂණ තිබ්බොත් ඒක ඉතාම හොඳයි!

:       4       5

මිනිහෙක් Monday, 13 March 2023 01:58 PM

ගුණ, දහමින් තොර අධ්‍යාපනය ලුණු නැති හොද්දක් වගේ. ගමේ කුඹුරු කොටන ගොවිදරුවන්ට ඔයිට වඩා හොඳ මානසිකත්වයක්, ගුණයක්‌ තියෙනවා..

:       1       2

Bamunuarachchi Monday, 13 March 2023 05:26 PM

හරියට හරි, මොවුන් ඉගෙන ගන්න එන අය නොවෙයි, ආණ්ඩු පෙරලන්න එන අය... ඇතුළත් කර ගැනීමේදී 1950 ගණන්වල තිබුණු ක්‍රමවලට යන්න...

:       1       2

de silva Monday, 13 March 2023 11:31 PM

මනස විකුර්ති වෙන්නෙ ඔක ඇතුලට ඇවිත් දවස් 2-3 ගියාට පස්සෙ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32713 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15311 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9985 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 159 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 455 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1371 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site