
(බී. ජී. චතුරංග)
පූනෑව මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී , යතුරු පැදියකින් පාසල වෙත ගමන් කරමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිනියක අද උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පූනෑව පොලිසිය පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහකුඹුගොල්ලෑව, පූනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි චම්පා ශ්‍රියානි සුභසිංහ මහත්මිය වන අතර, ඇය පූනෑව පහළ ගල්කන්දේගම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස සේවය කරමින් සිටි බව අනාවරණය වී ඇත.
මැදවච්චිය දෙස සිට වව්නියාව බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් රථයක් එම දිශාවටම ගමන් කරමින් තිබූ ස්කූටි වර්ගයේ යතුරු පැදියක පිටුපස ගැටීමෙන් උදෑසන 7.20ට පමණ මෙම අනතුර සිදුව තිබූ බව පොලිසිය සඳහන් කළේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් නියෝජ්‍ය විදුහල්පතිනිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd