(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
2019 අප්‍රේල් 21 වැනි දින සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතන සතුව ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් නොතිබූ බැවින් එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටි බවද එම නිවේදනයේ සඳහන්ය.
එක්සත් ජාතික පක්ෂය මෙසේද පවසයි.
ඇමරිකා විමර්ශනය සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද අග්‍රාමාත්‍යවරයා සහතික විය. පසුව, එනම් අප්‍රේල් 22 වැනි දින එවකට අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර පැවති දුරකථන සංවාදයේදී ද එවැනිම ඉල්ලීමක් කරන ලදී.
රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ දුරකථන සංවාදයෙන් පසුව ඇමරිකානු ජනාධිපතිවරයා පහත ට්ව්ටර් පණිවුඩය තැබීමට පියවර ගනු ලැබීය.
“ත්රස්තවාදයට එරෙහි සටනේදී එක්සත් ජනපදය ඔහු සහ ඔහුගේ රට සමඟ පෙනී සිටින බව දැනුම් දීම සඳහා අද උදෑසන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතා කළෙමි. එමෙන්ම මා වෙනුවෙන් සහ එක්සත් ජනපද වැසියන් වෙනුවෙන් මගේ බලවත් ශෝකය ද ප්‍රකාශ කළෙමි!” යනුවෙන් එම ට්විටර් පණිවිඩයේ සඳහන්ය.
රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඒකාබද්ධව FBI ආයතනය විසින් ප්‍රහාර පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන ලදී.
වාර්තා කරන ලද සියලුම තොරතුරු සහ එකතු කරන ලද ද්‍රව්‍ය පදනම් කර ගනිමින්, FBI ආයතනය විසින් ශ්‍රී ලංකා රජයට වාර්තාවක් නිකුත් කළේය. ශ්‍රී ලංකාවේ සියලුම අදාළ බලධාරීහූ මෙය පිළිගත්හ.
2020 නොවැම්බර් 12 වැනි දින, FBI හි විශේෂ නියෝජිත මෙරිලී ආර්. ගොඩ්වින් (Merrilee R. Godwin) විසින් කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ පිටු 71 කින් යුත් දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරන ලදී. වසර දෙකක විමර්ශනයකින් පසුව, එනම් 2020 දෙසැම්බර් 11 වැනි දින ලොස් ඇන්ජලීස්හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ අපරාධ නඩුවක් ගොනු කරන ලදී. පැමිණිල්ලේ නම් කර ඇති විත්තිකරුවන් (මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ්), ප්‍රහාරයට සම්බන්ධ අනෙකුත් සැකකරුවෝ නඩුව ගොනු කරන අවස්ථාව වන විටත් ශ්‍රී ලංකාවේ රැඳවුම් භාරයේ පසු වූහ.
එක්සත් ජනපද විමර්ශනයට අදාළ සම්පූර්ණ තොරතුරු සහ සාක්ෂි FBI ආයතනය හෝ අධිකරණ දෙපාර්තමේන්තුව හෝ සතුව පවතී. රජය විසින් නැවත විමර්ශන ආරම්භ කර ඇති බැවින්, මේ තොරතුරුත්, සාක්ෂිත් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජයට අයදුම්පතක් ඉදිරිපත් කර තිබේද? ඒ සඳහා ලැබුණු පිළිතුර කුමක්ද? එසේ නැති නම්, රජය එය නොකිරීමට හේතුව කුමක්ද? මේ තොරතුරු - සාක්ෂි ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන්ට ලබා දිය යුතුය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කෝ අල්ලපු මහ මොලකරුවා? කවුද සහයෝගය දීල හිරේ ගියේ?
පැරදුණා නම් ගෙදරට වෙලා හිටපල්ලාකෝ. කරපු දේවල් වැරැදි නිසානේ මිනිස්සු ගෙදර යැව්වේ. තේරෙන්නේ නැතිද?
වයසට ගියම කරන්නේ පෙත්සම ගහන එක නැත්නම් පත්තරේට ලියන එක... අන්තිම කාලයේ වෙන කරන්න දෙයක් නෑ,. අවුරුදු 76ක් තිස්සේ රට හදන්න කොච්චර නම් අවස්ථාව තිබ්බාද? හැබැයි කළේ තමන්ගේ ගෝල බාලයින්ව චණ්ඩි කරපු එකයි... ඔවුන්ට කෝටිපතියෝ වෙන්න අවස්ථාව හදපු එකයි. බෞද්ධයින් 65000ක් සමූල ඝාතනය කළා. හැබැයි බෞද්ධයින් කවදාවත් පළිගත්තේ නෑ. UNP එකෙන් අද බෞද්ධයින්ට තෙරුන් ගිහිල්ලා තියෙනවා. කව්ද හරි, කව්ද වැරැදි කියලා.... හොරකම් කරපු සල්ලි වලින් සන්දර්ශන දාන්න පුලුවන් හැබැයි කර්මය පසුපසින් එනවා...