IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා

(යොහාන් භාසුර)

පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතීන් අතර අසමගිය නිර්මාණය කර ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක් බවත් එකි අපරාධයට සම්බන්ධ මහ මොළකරු සහ සැලසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛ කටයුතු කරන බවත් 2019 අප්‍රේල් මස 21 වැනිදා එල්ල කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ප්‍රතිඥාව ලෙස නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජන බලවේගය පවසයි.

එම නිවේදනය පහත දැක්වේ.

2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිඳු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව

2019 අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කරගනිමින් අන්තවාදීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ම්ලේච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අද වන විට වසර පහක් ගත වී ඇත. එම අවාසනාවන්ත දිනයේදී දෙව්මැදුරු තුනකටත් සංචාරක හෝටල් කිහිපයකටත් එල්ලකරනු ලැබූ අමානුෂික මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් ඇතුළු පුද්ගලයින් දෙසිය හැත්තෑතුන්දෙනෙකුට (273) හට ජිවිත අහිමි වූ අතර, පන්සියයකට අධික පිරිසක් පූර්ණ හෝ අර්ධ අබාධිතයන් බවට පත් වූහ. 

එසේ අහිමි වූ ජීවිතවලට, එම ප්‍රහාරය මගින් අසරණ වූ පවුල්වල සාමාජිකයන්ට සහ එකී ප්‍රහාරය මගින් විනාශයට පත්වූ දේපල වෙනුවෙන් රජයට වගකීමක් ඇති බවත්, එම වගකීම මේ වන තෙක් නිසියාකාරව ඉෂ්ඨ කර ඇත්තේද යන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් ඇති බවත් ජාතික ජන බලවේගය වශයෙන් පහත කරුණු ජනතාවගේ අවධානයට යොමු කරනු ලබන අතර, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටත් අවධාරණය කර සිටිමු.

1.    පාස්කු බෝම්බ ප්‍රහාරය ජාතීන් අතර අසමගිය නිර්මාණය කොට ජාතිවාදී කෝලාහල ඇති කරමින් විශාල ජන ජීවිත හා දේපළ හානියක් සිදු කිරීම මගින් පටු දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා කිසියම් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබූ කුමන්ත්‍රණයක් වන අතර එකි අපරාධයට සම්බන්ධ මහ මොළකරු සහ සැලසුම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛ කටයුත්ත වන්නේය,


2.    පාස්කු ප්‍රහාරය සිදු කිරීමට පෙරාතුව ඒ පිළිබඳව නිසි තොරතුරු ලැබී තිබියදී එම ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ සහ එම ප්‍රහාරය සම්බන්ධව සිදු කළ විමර්ශන වෙනතකට හරවා, එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරමින්, එම ප්‍රහාරයට සැබෑ ලෙසම වගකිවයුතු පාර්ශවයන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැලැක්වූ ආරක්ෂක අංශවල නිලධාරීන් සහ වෙනත් නිලධාරීන්ද ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු ඊට වගකිවයුතු සෑම දේශපාලන බලධාරීයෙක්ම නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම,


3.     i. පාස්කු වින්දිතයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරණ ලද මූලික අයිතිවාසිකම් නඩුවලදී වැරදිකරුවන් වූ දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද,


ii. දැනටමත් ජනාධිපති විසින් පත්කරන ලද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශවල ඇතුළත් දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ටද තරාතිරම නොබලා අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරන අතර,

iii. අනාගතයේදී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් මෙම ම්ලේච්ච ප්‍රහාරයට අදාළව පත්කරනු ලැබීමට නියමිත විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශද පදනම් කරගනිමින් ඊට වගකිවයුතු දේශපාලන බලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවද අපරාධමය චෝදනා ගොනු කිරීමට කටයුතු කරනු ලැබේ,

4.    මෙම ප්‍රහාරයට අදාළව දැනට විභාග වෙමින් පවතින නඩු, ප්‍රමුඛතා පදනමක් (Priority Basis) මත හැකි ඉක්මණින් අසා නිමකිරීමට අදාළ අංශවලට ඉල්ලීම් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම,

5.    මෙම ප්‍රහාරයට සම්බන්ධව මේ වනවිට මෙරටින් පැන ගොස් සිටින සියලුම අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සහ මෙම ප්‍රහාරයේ සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් කවුරුන්ද යන්න ඔවුන් මාර්ගයෙන් විමර්ශනය කිරීම සහ එසේ අනාවරණය වන සැලසුම්කරුවන් සහ කුමන්ත්‍රණකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම.

6.    මෙම ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ජීවිත සහ දේපළවලට නිසි ආකාරයේ වන්දි ක්‍රමවේදයක් හඳුන්වාදීම, ඔවුන් පත්ව ඇති මානසික ව්‍යාකුලභාවයන්ගෙන් ඔවුන් මුදවා ගත හැකි ආකාරයේ මනෝවිද්‍යාත්මක වැඩපිළිවලක් හඳුන්වා දීම,

7.    මේ සම්බන්ධයෙන් පත් කළ විශේෂ කොමිෂන් සභා සහ වෙනත් විමර්ශන මගින් හෙළිකරගත් තොරතුරු පදනම් කරගනිමින් තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු රාශියක් පවතින බැවින්, ඒ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂා කර සත්‍ය විමර්ශනය කරගැනීමට සහ පීඩාවට පත් පාර්ශවයන්ට යුක්තිය ඉෂ්ඨ කිරීම අරමුණු කරගනිමින් පූර්ණ අධිකරණ බලැති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කොට එහි නිර්දේශයන් මත ඉතා කෙටි කලක් තුළ, මෙම ප්‍රහාරයන් දියත් කිරීමට කුමන්ත්‍රණය කළ අයවලුන්ට සහ විවිධ අයුරින් ඊට වගකිව යුතු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ මත දඬුවම් පැමිණවීමත්, කිසිදු පැකිලීමකින් තොරව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විසින් සිදු කරනු ලබන බවත් ශ්‍රී ලාංකේය ජනතාව වෙත මෙයින් දැනුම් දෙනු කැමැත්තෙමු.



අදහස් (10)

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් දෙනවා

NAMAL Wednesday, 17 April 2024 02:09 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...!

:       8       24

අරුණThursday, 18 April 2024 04:08 PM

2015 යහපාලු ආණ්ඩුවේ දූෂණ විරෝධී කමිටුවේ සභාපති වෙලාවත් එක හොරෙක්වවත් හොයපු නැති අනුරද දැන් දූෂණය මඩිනවා, හොරු අල්ලනවා කියන්නේ?

:       0       0

ඉන්දික Wednesday, 17 April 2024 02:42 PM

ඊබ්‍රහිම් ඉන්නකම් දඬුවම් දෙන්න බැරිවෙයි. මෙයාලාගේ පක්‍ෂයේ අයනේ... මිනීමරුවෝ කියලා ඔප්පු වුනේ... ඊබ්‍රහිම්ගේ පුතාලා දෙන්නා...

:       35       20

පිටිගල මිලානෝ Wednesday, 17 April 2024 04:24 PM

මාලිමාව දින්නොත් මේ හොරු ටික රට පනියි. ඒ නිසා මේ පාරවත් හරියට එයාර්පෝට් පාලනය කරන්න.

:       10       32

Tharindu Thursday, 18 April 2024 06:56 AM

හොරුන් නැතුව වෙන කවුරු හරි දිනවා ට කැමති නමුත් මාලිවාව දිනන්නේ නැත.

:       4       3

සෙනෙවිරත්න Wednesday, 17 April 2024 05:11 PM

ඊබ්‍රාහිම්ට ජේ පී කම් සම්මාන දුන්නේ මහින්ද, ඒ මත. පිහිටුවලා ජවිපෙ ජාතික ලැයිස්තුවට නම දැම්මා පමණයි ඊට එහා දෙයක් නැහැ... අනෙක ඊබ්‍රාහිම්ගේ පුත්තු කළ දේට ඔහු පලි නැහැ. ඊබ්‍රාහිම් දැන් එළියට දැම්මේ නඩු නැතිව පවත්නා රජය..., එතකොට කව්ද හරි වැරදි කියලා තේරෙනවානේ... ජවිපෙට ගහන්න ඔය මඩ මදි, මඩ හොයන්න මහන්සි වෙන්න එපා..., මඩ හොයාගන්න බැහැ.

:       16       27

Manjula Pradeep Wednesday, 17 April 2024 07:00 PM

මේ විදිහට කතා කරන්නේ කාව සතුටු කරන්නද? අනිත් එක මේ ගොල්ලෝ අනිත් අයත් එක්ක වෙනසක් නැහැ කියලා නම් හොඳටම තේරෙනවා. ඉස්සරහට තවතව දේවල් ඔය විදිහටම පොරොන්දු දේවි... රටේ දැවෙන ප්‍රශ්න මේවාද?

:       0       0

harsha Wednesday, 17 April 2024 10:44 PM

බයිල තමයි. ආණ්ඩුවේ ඇමතිකන් තිබිලත් ඒ කාලේ විජේවීර ගාතනය ගැන කිසිවක් හොයපු නැති උන් පාස්කු ප්‍රහාරයක් ගැන හොයාවිද

:       1       7

Asanga samantha Thursday, 18 April 2024 11:30 AM

පාස්කු මේ මින විකරයක්ද කරන්නේ වසර 5 තිස්සේ. ඕකම විතරද ලංකාවේ වුණේ. ජය ශ්‍රී මහාබෝධින් ව්හාන්සේට ගව්වා දළදා මාලිගාවට ගව්වා ඒවට මොනවද කරේ. මේ පාස්කුවක්ම අල්ලගෙන දගලන්නේ. දේසපාලකයොත් උන්ගේ වාසියට මේකම අල්ලගෙන දගලනවා. පාස්කුවෙන් මනුස්ස ජීවිත නැතිවුණ එකට අපි කණගාටු වෙනවා.

:       0       1

Bamunuarachchi Friday, 19 April 2024 01:19 PM

රෑට ගෙදරට ඇවිත් ගෙයින් එළියට අඬගහලා ඔලුවට වෙඩි තියලා යාවි. අපි නොදන්න ජෙප්පෝ.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන්තොටේ ගුවන් සෙබළා‌ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 අප්‍රේල් මස 30 87 0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු


ජනපති මැයි රැලි දෙකක
2024 අප්‍රේල් මස 30 390 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි.


කෝටි 2ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 30 69 0

කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් රිදී මංජුසාවක් සමග ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ දී පොලිස


මහින්දානන්ද නඩුවකින් නිදොස් කොට නිදහස්
2024 අප්‍රේල් මස 30 341 2

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහා


මැයි රැලියට සියල්ල සූදානමින්
2024 අප්‍රේල් මස 30 259 0

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.


ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා
2024 අප්‍රේල් මස 30 701 7

රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 400 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1799 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1622 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site