(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස්වේ.

මැදපෙරදිග අර්බුදය සම්බන්ධ කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් අද පැවැත්වීමට නියමිතය. විවාදයේ යෝජනාව ගෙන එනු ලබන්නේ ආණ්ඩු පක්ෂය විසිනි.

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැනීමට මුලින් තීරණය කර තිබුණද ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම අනුව යෝජනාව සංශෝධනය කිරීමට විපක්ෂය එකඟ නොවීම හේතුවෙන් එම විවාදය දින නියමයක් නොමැතිව කල් ගියේය.