(සුජිත් හේවාජුලිගේ)

වර්තමාන මූල්‍ය ප්‍රතිපත්තිය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන 10 වැනිදා  පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.

මහා බැංකු අධිපතිවරයාගේ සහ එහි සෙසු ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරෙන   මෙම වැඩසටහන පැවැත්වෙන්නේ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතාගේ  ඉල්ලීම පරිදිය

වැඩසටහන  පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද  අනුමැතිය හිමි විය