
(මනෝප්‍රිය ගුණසේකර)
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම සදහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට නියම කල අත්හිටවූ සිර දඬුවම හා දඩය අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල ලබන 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (05) තීරණය කළේය.
පෙත්සම විභාගයට ගැනීමට නියමිත විනිසුරු මඬුල්ලේ සාමාජික විනිසුරුවරයකු ලෙස නම් කර සිටි අභියාචනාධිකරණ විනසුරු ෂශි මහේන්ද්‍රන් මහතා නොමැති වීම හේතුවෙන් පෙත්සම් විභාගය කල් තැබීණි.
අභියාචනාධිකරන විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම ඇපෑල විභාගයට ගැනීමට නියම කර තිබිණී.
බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටු කර දීම වෙනුවෙන් ජී. මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර එම දඬුවම වසර පහකට කාලයකට අත්හිටුවීමටද නියෝග කල බව පෙත්සමේ සඳහන්වේ
ඊට අමතරව රුපියල් මිලියන 25 ක දඩයක්ද මහාධිකරණය විසින් තමන්ට නියම කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කාර ප්‍රසන්න රණතතුංග මහතා මහාධිකරණයේ එම තීන්දුව හා දඬුම බල රහිත කර සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය ඇපෑල මඟින් ලෙස ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රසන්නගේ ඇපෑලට දින දෙයි
ranjith Thursday, 05 June 2025 05:14 PM
රනිල් හිටියානම් ඔය නඩුව එකක්වත් එළියට එන්නේ නැහැ. තවත් ලජ්ජා නැතුව දේශපාලනය කරනවා.
පිටිගල මිලානෝ Thursday, 05 June 2025 05:48 PM
මේ අහිංසකයාට ඇයි මෙතරම් කෙනහිලි…? අපි ප්‍රසන්න ඇමැතිතුමා වෙනුවෙන් මාරාන්තික උපවාසයක් කරනවා… අම්මා පල්ලා.
බේරෙන් නාපු බයියෝThursday, 05 June 2025 08:50 PM
මිලානෝ කලබල වෙන්න එපා. ගූගයි, යෝණරත්නයි රණතුංග මේකෙනුත් වැරැදිකරු වුණොත් වහබොන්න ඉන්නේ. දෙන්නෙක් ගියාම ඇති.
Perera Friday, 06 June 2025 12:37 AM
හිරගෙදර කැරම් ගහන්න මෙයාටත් වාසනාව ලැබේවා
Ranil Friday, 06 June 2025 06:30 AM
මොහුට මිලියන 25 කජ්ජක්ද? අත් හිටවපු සිර දඬුවම ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම සුදුසුයි.