IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පළාත් ඡන්ද ක්‍රමය තීරණයට විශේෂ කාරක සභාවක්

(සුජිත් හේවාජුලිගේ)

පළාත් සභා ඡන්දය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්  පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී  ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.

සභානායකවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.

රටේ මැතිවරණ ක්‍රම පිළිබඳව සංවාදය වඩාත් පුළුල් හා ගැඹුරු විය යුතු  බැවින් කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම,  තරුණ නියෝජනය,  වියදම් සීමා,  මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය,  පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම  අැතුළත්  ඡන්ද ක්‍රමයක් සකස් කිරීමට පුලුල්   සංවාදයක් කළ යුතු බව එම යෝජනාවේ වැඩිදුරටත් දැක්වේ.

කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ දින සිට මාස තුනක කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කළ යුතු බවද  එහි සඳහන්වේ.

පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත



අදහස් (0)

පළාත් ඡන්ද ක්‍රමය තීරණයට විශේෂ කාරක සභාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 646 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 534 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 440 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site