බස්නාහිර පළාත් දෙවැනි පාසල් වාර අවසාන විභාගය වෙනුවෙන් පිළියන්දල කලාපයේ 11 ශ්‍රේණිවල සිසුන්ට අද(14) ලබා දුන් සිංහල ප්‍රශ්න පත්‍රය ඊට පෙර උපකාරක පන්තියක ඉගැන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා කියයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කළ පැමිණිල්ලක් අනුව ඒ ගැන සොයා බලන ලෙස පිළියන්දල කලාපයේ නිලධාරීන්ට දැන්වූ බවත්, පිළියන්දල කලාප අධ්‍යක්ෂ ඒ ගැන පොලිසියට පැමිණිලි කර ඇති බවත් ගුණරත්න මහතා පවසයි.
දේශපාලනඥයකුට සම්බන්ධ උපකාරක පන්තියක මේ ප්‍රශ්න පත්‍රය ඉගැන්වීයැයි සිසුන්ගෙන් දැන ගත් බව ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.
පසුගිය වසරේ පිළියන්දල කළාපය මගින් දුන් ප්‍රශ්න පත්‍ර රැසක මුද්‍රණ දෝෂ රැසක් තිබීම නිසා ප්‍රශ්න පත්‍ර නැවත මුද්‍රණය කිරීමට පවා සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සැම දෙයක්ම අන්තර්ජාලය ඔස්සේ කල හැකි නිසා පාසල් වාර විභාගත් අන්තර්ජාලය ඔස්සේ කරමු. එතකොට මෙවැනි ප්‍රශ්න පත්‍ර පිටවීම් සිදු නොවේ. (නදී)
දේශපාලුවන් නැති කක්කුස්සියක්වත් හොයාගන්න බැහැ. (නදී)
අපේ දරුවන්ගේ ඉදිරි අනාගතය ගැන දැන්නම් පුදුමාකාර බයක් තියෙන්නේ (නි)
අනේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය! (නි)
කවදාද මේ අධ්‍යාපන ප්‍රශ්න අවසන් වෙන්නේ? (නි)
මේක දැන් මොනතරම් කල් ඉඳලා තිබෙන ප්‍රශ්නයක්ද? (නි)
වැඩක් හරියට කරන්න පුළුවන් අයට මේ කටයුතු භාරදෙන්න ඕනෑ. (නි)
මේකද දන්නෙ නැහැ දැන් රටේ තිබෙනවා කියන අධ්‍යාපන වෙනස. (නි)
මේ ප්‍රශ්න පත්‍ර අවුල දිගු කාලයක සිට තිබෙන ප්‍රශ්නයක් නේද? (නි)
පාසල් වල තාක්ෂණය ගැන සොයන්න පෙර, ප්‍රශ්න පත්‍ර කටයුත්ත හරියාකාරව කරන එක වැදගත්. මේ ප්‍රශ්නය මෑත ඉතිහාසයේ ඉඳලා පවතින දෙයක්. වැරැද්ද කොතනද කියලා අපිට නම් තේරෙනවා. . (නි)
උපකාරක පන්ති කරන කිසිම කෙනෙකුට ප්‍රශ්න පත්‍ර සම්බන්ධව කිසිම අයුරකින් සම්බන්ධ වෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. මම නම් කියන්නේ පවුලේ කෙනෙකු ටියුෂන් කරනවා නම් ඒ පවුලේ කිසිම කෙනෙකුට විභාග රාජකාරි විතරක් නෙමෙයි, ප්‍රශ්න පත්‍ර මුද්‍රණය , සකස් කිරීම බෙදා හැරීම ආදී කිසිම කටයුත්තකට සම්බන්ධ රැකියාවක නිරතවීම මේ තත්ත්වය යටතේ හොඳ නැහැ (නි)
තවමත් මේ ප්‍රශ්න පත්‍ර අවුල එහෙමමයි. මේකට හේතුව ඉහළ ඉඳලා පහළටම සුදුස්සාට සුදුසු තැන නැතිවීම මිසක් වෙන කිසිවක් නොවෙයි. වැඩක් භාර දුන්නාට පසු නිසි අයුරින් කාර්යක්ෂමව අදාළ නීතිරීති වලට අනුව ඒ වැඩේ කරන්නේ, සුදුසුකම් නිසා යම් තනතුරකට පත් වුණ උදවිය පමණයි. (නි)
බොරුවට තප්පුලන අය මේවා බැලුවා නම් මොකද වෙන්නේ? (නි)
අධ්‍යාපන විෂය සම්බන්ධයෙන් කීදෙනෙක් වගකිවයුත්තන් ඉන්නවද? තවමත් බැරිවුණා හරියට ප්‍රශ්න පත්‍රයක් දීලා විභාග ටික පිළිවෙලක් කරගන්න. (නි)
දැන් අර එකපාරක් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර අවුලට සම්බන්ධ ටියුෂන් ගුරුවරයාට මොකද වුණේ? (නි)
මම නම් මගේ දුවට කිව්වා වංචාව අපිට හරියන දෙයක් නෙමෙයි කියලා. ශිෂ්‍යත්වය අසමත් වුණත් කමක් නැහැ . මගේ දරුවාට අවංකකමේ නම්බුව හරි ඉතිරි වේවි. (නි)
ලංකාව විභාග වංචා වලට දැන් කප් ගහගෙන යනවා. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. අන්තිමට වෙන්නේ අපේ රටේ විභාග සහතික වලට ජාත්‍යන්තරයේ කිසිම තැනක් නොලැබීමයි. (නි)
ප්‍රශ්න පත්‍ර සැකසීම සඳහා දේශපාලන ගැත්තන් නොව සුදුස්සන් පත් කළ යුතුය. එ්ත් සමගම එහි වගකීම ඔහුන්ට දිය යුතුය. ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදු වුවිට වැරදි කරුවන්ට නිසි දඩුවම් දිය යුතුය. අනිත් කරුණ වාර විභාගයකදී යම් අතපසු වීමක් වුවහොත් එය නිවැරදි කිරීම විනා මහා ප්‍රසිද්ධියක් නොදිය යුතුය (නදී)
සමහර අම්මලාට ඕන වංචාව මගින් හරි තමන්ගේ ළමයාව විභාග සමත් කරගන්න. මගේ අයියගේ නෝනා ගුරුවරියක්. පන්තියේ ඉන්න ළමයකුගේ අම්ම කෙනෙක් දවසක් පාක්කුඩම් උස්සගෙන නැනා ගේ ගෙදර ඇවිත් වටින් ගොඩින් ප්‍රශ්න පත්තර ගැන විමසුවාලු. වැඩේ ඉටු නොවෙන බව දැන ගත්ත ම තරහටත් එක්ක නෑනට විරුද්දව විදුහල් පතිට බොරු කියලා පෙත්සමක් ගහලා. මෙන්න දැන් රටේ වෙන වැඩ. (නදී)
විභාග වලදී අකටයුතුකම් සැම පාර්ශවයෙන්ම සිදුවෙනවා. සාමාන්‍යයෙන් විභාග රාජකාරි කරන, ප්‍රශ්න පත්‍ර ලකුණු කරන ගුරුවරුන්ට තමන්ගේම ළමයෙක් එම විභාගයට පෙනී සිටිනවා නම් ඒ කටයුතු වලින් ඒ අවස්ථාවේ බැහැර වෙනවා. නැත්නම් තමන්ගේ ළමයා පෙනීසිටින විෂයන් සහ විභාග මධ්‍යස්ථාන විස්තර දැනුම් දීලා ඒ කටයුතු වල යෙදෙන්න ඕනෑ. මම උසස්පෙළ ලියනවිට ගුරුවරියක් වූ මගේ අම්මා වෙනත් විෂයන් ඉගැන්වුවත් ,ඒ විභාගයේ රාජකාරි වලින් ඉවත්වුණා. නමුත් අපි දන්නා ගුරුවරියක් එහෙම නොකළ අවස්ථාවක් ගැන මම දන්නවා. (නි)
මේවට සම්බන්ධ නිලධාරින්ට දඩුවම් කර ඒ අය ගැන ප්‍රසිද්ධ කරන්න.එයාලා බැඳී සිටි සංගම් ගැනත් ප්‍රසිද්ධ කරන්න.මේවා සැලසුම් කර කරන කඩාකප්පල් වැඩ වෙන්නත් බැරි නැහැ. (නි)
රටට ගිය කලක්. (නදී)
අනේ මන්ද දැන් ඉන්න කට්ටියට හරියට වාර විභාගයක් පවත්වන්න වත් බැරී හැටි. කටවල් විතරයි. (ස)