නවින් ගුණරත්න විසින් නිෂ්පාදිත සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වූයේ 2014 දීය. එතෙක් පැවැති ආදායම් වාර්තා රුසක් බිඳහෙලීමට ඒ චිත්‍රපටය සමත් වුණා.
වසර 70කට ආසන්න ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ මුල්ම වතාවට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත චිත්‍රපටයක් වන ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ මේ දිනවල අති සාර්ථක ලෙස ඉන්දියාවේ සිනමා ශාලා සියයකට අධික ප්‍රමාණයක ප්‍රදර්ශනය වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ඉන්දියානු ජාතික ගගන් මලික් මේ සඳහා විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. චිත්‍රපටයේ රංගනයට දායකවීමෙන් පසු එම කතා වස්තුව ගැන පැහැදී ගගන් මලික් බුද්ධාගම වැළඳගෙන තියෙනවා.
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සිනමා ශාලා 100කට අධික ප්‍රමාණයක තිරගත වන මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය එහිදී පැවත් වුණේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ මහ ඇමති ශ්‍රී දේවේද්‍ර ෆඩ්නාවිස් මැතිතුමාගේ හා අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර්ගේ ප්‍රධානත්වයෙන්.
හින්දි බසින් දෙබස් කවන ලද ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ ආදායම බදුවලින් නිදහස් කිරීමටද එම ප්‍රාන්තයේ බලධාරීන් කටයුතු යොදා තිබෙනවා.
චිත්‍රපටයේ දෙබස් හින්දි බසට පරිවර්තනය කිරීම හා දෙබස් කැවීම වැනි කටයුතු සඳහා සෘජුවම දායකත්වය ලබාදී තිබෙන්නේ ගගන් මලික්. 2014 දී ඉන්දියානු නව දිල්ලි සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසත්, එම වසරේම එක්සත් ජාතීන්ගේ බෞද්ධ සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 5ක් දිනා ගත්තා.
ඉන්දියානු ව්‍යවස්ථාවේ නිර්මාතෘ ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර් සමඟ ඔහුගේ 500,000 අධික ගෝල පිරිස බුද්ධාගම වැළඳගැනීමේ 60 වැනි සංවත්සරය සමරනු වස් ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය ඉන්දියාවේ මුදාහැර තිබීම සුවිශේෂී කාරණයක්.
ගගන් මලික්, අන්චල් සිං, රන්ජන් රාමනායක, අන්ජානි පෙරේරා, ගෞතම් ගුලාටි, රොෂාන් රණවන, බුද්ධදාස විනානච්චි, සාරංග දිසාසේකර, විල්සන් ගුණරත්න, එඩ්වින් ආරියදාස, ජයරත්න ගලගෙදර, මෙහි චරිත නිරූපණය කරනවා.
I රමේෂ්
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පළමුවරට අපේ සිනමාවට ඇරුණු හින්දි තිරය