(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අම්පාර, පානම ප්‍රදේශයේ පිහිටි පාසලක අධ්‍යාපනය හදාරන අවුරුදු පහක් වයසැති දැරියකගේ කනට ගසා ඇය කෲරත්වයට පත් කළේ යැයි කියන ගුරුවරියක සැකපිට අත්අඩංගුවට ගත් බව පානම පොලිසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් 54හැවිරිදි වියේ පසුවන ගුරුවරිය පහරකෑමට ලක්වූ බාලවයස්කාර සිසුවියගේ පන්තිභාර ගුරුවරිය යැයි පොලීසිය කියයි.
පහරකෑමට ලක්වූ බව කියන මෙම බාලවයස්කාර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනෙන් දින රටේ ම්ලෙච්ඡත්වය වැඩි වෙනවා, මිනිස්සු අසංවේදි වෙමින් සිටිනවා. අර ගෝං අම්මන්ඩි අර දරුවට කොහොම ගැහැව්වද කියලවත් හිතාගන්න බැ!
කෘෘර අමානුෂික දඬුවම් සහ අවමන් සහගත සැලකිලිවලට ලක් නොවී සිටීම ලංකාවේ නීතිය අනුව සෑම මනුස්සයෙකුගේම මූලික අයිතිවාසිකමක්. අනෙක් නීතිරීති වලට කලින් අඩු තරමින් මේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳව හෝ ගුරුවරුන්ට අවබෝධයක් ලබා දෙන්න. ළමයින් කායික මානසික හිංසනයට ලක් කිරිම බරපතල වරදක් කියලාවත් නොදන්නා ගුරුවරුත් වර්තමාන සමාජයේ ඉන්න පුළුවන්ද? සමහරු හිතාගෙන ඉන්නේ අපි තාම ඉන්නේ දිසාපාමොක් යුගයේ කියලා. අනෙක වර්තමාන නීති තත්වය අනුව දරුවන් සම්බන්ධ හිංසන වැනි වැරැදි නීතිය ඉදිරියට ගෙන ඒම වැළැක්වීමට කිසියම් අයෙක් එම වින්දිතයින්ට බලපෑම් කළහොත් එය ඉතා බරපතල වරදක්. මේ නීති ගැන සමහර ගුරුවරුන්ටත් අවබෝධයක් නැත්නම් අපි ඉන්නේ කොතැනද?
මෙහෙම උන්දැලා කලිනුත් හිටියා... රත්නපුර දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයට යාබදව රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට වඩා අධ්‍යාපන පහසුකම් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ දරුවෝ අධ්‍යාපනය ලබන ප්‍රාථමික විදුහලකත් ඔහොම ගුරුවරියක් හිටියා. උන්දෑ එක් කාලෙක තමන්ට බාරවූ පංතියේ දොස්තරලාගේ, ඉංජිනේරුවන්ගේ දරුවෝ පංතියේ නැහැ කියලා වර්ජනයක් කළා. ඒකට හිටපු විදුහල්පති උදව්කලේ දෙදෙනාම වර්තමානයේ පොහොට්ටු පක්ෂයේ ප්‍රබලම සාමාජිකයන් නිසා තමයි. මේ ගුරුවරිය දරුවන්ට කොතෙක් හිංසා කළත් පැවැති රජයේ සහාය උපරිමයෙන් ලැබූ විදුහල්පති කිසිවක් කළේම නැහැ. දෙමාපියන් නොදන්නා වුණත් එහෙම හිරිහැර කරන අයට වසර 02ක් හිරගත කරන්න හෝ ලක්ෂ දහයක දඩයක් නියම කරන්න හැකියාව තියෙනවා කියලා අහන්න ලැබුණා.. ඒත් එහෙම කළොත් සමස්ත ගුරුවරු ඒ දරුවාගේ අධ්‍යාපනය විනාශ කරන්න ඉඩත් තියෙනවා. මේ ප්‍රශ්න නොවිසඳෙන්නේ එනිසා තමයි...