(කග කරුණාරත්න)
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියළුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද (21) සංකේත වැඩ වර්ජනයක් හේතුවෙන් එම රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගිහු ආපසු ගෙදර යති.
පොළොන්නරුව මහ රෝහලේ පමණක් විශේෂඥ වෛද්‍ය සායනවලට සහභාගීවීම සඳහා පැමිණි රෝගීහු 3000ක් ද බාහිර ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීහු 1500 ක් ප්‍රතිකාර නොලැබ ආපසු ගියහ.
වෛද්‍යවරයකුගේ අවිධිමත් ස්ථාන මාරුවක් හේතුවෙන් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පොළොන්නරුව දිස්ත්‍රික් සභාපති විශේෂඥ වෛද්‍ය සමන්ත චන්ද්‍රරත්න මහතා පවසයි.
මැදිගිරිය, හිඟුරක්ගොඩ,බකමුණ, අත්තනකඩවල,ගල්අමුණ, පුලස්තිගම,අරගලගන්විල, වැලිකන්ද යන රෝහල් වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් මේ ගොල්ලො වීරයො වෙලා, හොස්ස ලඟින් මැස්ස ගියත් වර්ජන... සමහරවිට සංගමයේ සභාපතිට නාථ දෙවියෝ කියන්න ඇති මෙහෙම කරන්න කියලා...
කොහොමටත් ඉස්සරහට මේ අය හැමදාම වර්ජනය කරාවි සයිටම් එක වහන්නෙ නැති නිසා....
මේ රටේ තියන ඉතා නරක වෘත්තිය සමිතියක් තමා මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය.
අර කුණු ප්රශ්නය විසඳුවා වගේ වෛද්‍ය සේවයත් අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් කර, දියුණු රටවල කරලා තිබෙනවා වගේ වෛද්‍යවරුන්ට අධිකරණයේ අවසරයක් නැතුව හදිසියේ වැඩ වර්ජනය කිරීම තහනම් කළා නම් මේ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්...
වර්ජනත් තහනම් කරලා ගැසට් එකක් ගහන්න ජනාධිපතිතුමනි.
මෙතන සයිට්ම් විරෝධී බැනර් එකකුත් තියෙනබව පේනවා. සංගමේ කියන්නේ නම් රෝගීන්ගේ ජීවිත අවදානමේ හෙලන්න බැරි හින්ද වර්ජනය කරන්නේ කියල. කිඹුහුමක් ගියත් වර්ජනය කරන මොවුන්ගේ මාෆියාව තිබෙනතුරු රෝගීන්ට දෙවියන්ගේ පිහිටයි.
මේ අයට නිදහස් අධ්‍යාපනේ දෙන්න අපි වියදම් කරපු සල්ලි අපරාදේ...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මහජන සේවය මේක තමයි...
සුළු ප්‍රශ්නයකටත් වර්ජනය කරලා අහිංසක මිනිස්සුන්ව පීඩාවට පත් කරන අයට උඩඉන්න දෙවියෝ දඬුවම් දේවි... මේ පීඩා විඳින මිනිස්සුන්ගෙ බදු මුදලින් උගත් මිනිස්සු කරන වැඩ...
මනුස්ස ආත්ම වල සත්තුත් ඉපදෙනවද? ...