පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ ඉපැරණී බුදු පිළිම මත දීර්ඝ කාලයක් තිස්සේ රැඳී තිබෙන දුවිලි ඉවත් කිරීමට සහ ඒවායේ පෞරාණිකත්වයට හානි සිදු නොවන ආකාරයට අවශ්‍ය ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
එම කටයුතු කෙරෙනුයේ පුරාවිද්‍යාවේ නියමයන්ට අනුව සහ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ අධීක්ෂණය යටතේ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මේ වන විට බුද්ධ ප්‍රතිමාවල දූවිලි ඉවත් කිරීමේ කටයුතු කෙරෙමින් පවතින බවත් සැතපෙන පිළිමයේ පිපිරීම් සිදුව ඇති ස්ථාන සංරක්ෂණය කිරීම,හිටි පිළිමයේ අව් වැසි ආවරණය සඳහා යොදා ඇති ලී ආධාරකය ඉවත් කිරීම ආදිය ඉදිරි දිනවලදී කිරීමට නියමිතව ඇතැයිද ඒ මහතා පැවසීය.
එම කාර්යයන් සඳහා අවශ්‍ය පර්යේෂණ සහ නිරීක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවද මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.
මෙම සංරක්ෂණ කටයුතුවලට අමතරව ඓතිහාසික ගල් විහාරය,ඉපැරණි පැරකුම් පිළිරුව,තිවංක පිළිම ගෙය යන පුරා විද්‍යා ස්මාරක සම්බන්ධයෙන් සති දෙකකට වතාවක් නිරීක්ෂණ වාර්තා ලබා ගැනීමේ වැඩ පිළිවෙලක්ද ආරම්භ කර තිබේ.
පුරා විද්‍යා ඉතිහාසයේ මෙවන්නක් ක්‍රියාත්මක වනුයේ ප්‍රථම වතාවට බව පැවසු මහාචාර්ය ගුණවර්ධන මහතා මධ්‍යම සංස්කෘතික අරමුදලේ භූ විද්‍යාඥවරයා වන මහාචාර්ය කපිල දිසානායකයන් යටතේ මෙය ක්‍රියාවට නැංවෙන බවද පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ කටයුත්තක් (නි)
මේවා ගොඩක් කාලෙකට ඉස්සෙල්ල කරන්න ඕනේ දේවල් දැන්වත් අප රටේ ඉතිහාසය,ආගම රැක ගන්න යොමු වීම සතුටක්! (බ)
හදවතින්ම අගය කරනවා (නි)
ඉතාමත්ම හොඳ වැඩක්. කල්ගිහින් හෝ මෙම කටයුත්ත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකිවයුතු පුද්ගලයින්ට ජාතියේ සහ සිංහල සංස්කෘතිය අගයකරන්නන්ගේ නාමයෙන් මගේ ස්තුතිය. (නි)
අවු වැසි නොතකා, හිසට වහලක් හෝ කුසට අහරක් නැතුව අපේ මුතුන්මිත්තන් අපටට දුන් දායාදය රැකගැනීමට වෙහෙසෙන මිනිසුන්ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි! (නි)
ඉතාම හොඳ කටයුත්තක් තෙරුවන් සරණයි (හේ)
ප්‍රමාද වී හෝ ගත් හොඳ තීරණයක් (නි)
සාදු! සාදු!! සාදු!!! ප්‍රමාදවෙලා හරි පටන්ගත් මේ වැඩේ ඉතා අගය කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
තෙරුවන් සරණයි මේ කටයුත්තට සහභාගිවෙන සියලුම දෙනාට. (ර)
හදවතින්ම අගය කරනවා (නි)
හොඳ වැඩක්. රටක ඉතිහාසය ආරක්ෂා කරගන්න ඕනෑ වැදගත් සාධකයක්. (නි)
කළුගල් වලටත් පණදී මැරෙන උපදින සංසාරය මෙනෙහි කරමින් නිවන්පුරට ගිය මිනිසුන් සිටි මේ රටේ මෙම පිළිම වහන්සේලාව රැකගන්න යමක් කරන්න මෙපමණ කලක් ගියා. (බ)