2017 පාසල් වාරය ඇරැඹී තුන් දිනක් ගත වි ඇතැත් පොළොන්නරු අධ්‍යාපන කලාපයේ 6 වසරේ සිසුන් පිරිසකට පාසල් ලැබී නැතැයි දෙමාපියෝ කියති.

උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිර්මලා ඒකනායක මහත්මිය පැවසූයේ 2017 වසර සදහා නවක දරුවන් පාසල් වෙත භාර ගැනිම මුඑ පළාතේම එකම දිනක සිදු කිරිමට නියමිත බවයි. නමුත් 6 වසර සිසුන් පාසල් සදහා ඇතුළත් කර ගැනිමට දිනයක් වෙන් කර නොමැති බවත් ඉකුත් 02 වැනිදා සිට ඒ අය තොරාගත් පාසල් වෙත භාරගත යුතු බවත් ඇය කීවාය. එසේ භාර නොගෙන සිටින කලාප  සහ විද්‍යාල පිළිබද සොයා බැලිමට කටයුතු කරනවා යැයි ද ඇය පැවසුවාය.