IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පළාත් හයකට ආණ්ඩුකාරවරු පත්කරති

පළාත් ආණ්ඩුකාරවරු හයදෙනෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මේ අවස්ථාවේ දී ඔවුන්ට සුබ පැතූ ජනාධිපතිවරයා දෛවෝපගත සිද්ධියක් ද සිහිපත් කළේය. ඒ තමන් ග්‍රාම නිලධාරීවරයකුව සේවයකරමින් සිටිය දී එක්සත් ජාතික පක්ෂයෙන් එල්ලවූ පීඩනය දරාගත නොහැකිව ඉන් ඉල්ලා අස්වූ ආකාරයයි. දිනක් පොළොන්නරුව දිසාපති කාර්යාලයට ගොස් තම ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ ද එය දිසාපතිවරයා පිළිනොගත් බව ජනාධිපති කීවේය. පසුව දා යළි පැමිණ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ගෙදර ගිය බව ද ඔහු මතක්කළේය. එදා තමන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් පොළොන්නරුවේ දිසාපතිවරයා වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතාට අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර පත්වීමේ ලිපිය දුන්නේය. ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමග තවත් ආණ්ඩුකාරවරු හතරදෙනෙක් සහ ආණ්ඩුකාරවරියක් පත්වීම් ලිපි ලදහ.

උතුරු පළාත් ආණ්ඩුකාර - එච්.එම්.ජී.එස් පලිහක්කාර

සබරගමුව ආණ්ඩුකාර - බී.එම්.ඒ.ආර් පෙරේරා

මධ්‍යම ආණ්ඩුකාර - සුරංගනි එල්ලාවල මහත්මිය

උතුරු මැද ආණ්ඩුකාර - පී.බී දිසානායක

ඌව පළාත් ආණ්ඩුකාර -නීතිඥ එම්.පී ජයසිංහ මහතා

governer (1) governer (2) governer (3) governer (4) governer (5) governer (6)



අදහස් (0)

පළාත් හයකට ආණ්ඩුකාරවරු පත්කරති

අනන් Tuesday, 27 January 2015 05:52 PM

අෂ්ට ලෝක ධර්මය කියන්නේ ඕකට තමයි (නදී)

:       0       0

රොනී Wednesday, 28 January 2015 06:09 AM

දැන් එතකොට ඔක්කොම කීදෙනාද? (නි)

:       0       0

සාජන Wednesday, 28 January 2015 06:44 AM

රොනි,සිහිකල්පනාවක් නැද්ද? ලිපිය තියෙන්නේ ආණ්ඩුකාරවරුන් ගැන. ඇමතිලා ගැන නෙමෙයි. කොහොම පත්කළත් ආණ්ඩුකාරවරු 9 දෙනයි ලංකාවේ ඉන්නේ. (නි)

:       0       0

සුගත් Wednesday, 28 January 2015 07:30 AM

රොනී, එක පළාතකට එක ආණ්ඩුකාරවරයයි පත්කරන්නේ (නි)

:       0       0

සංජීව Wednesday, 28 January 2015 03:31 AM

සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන රටේ ජනතාව හැටියට අපට ආඩම්බරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site