පළාත් ආණ්ඩුකාරවරු හයදෙනෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. මේ අවස්ථාවේ දී ඔවුන්ට සුබ පැතූ ජනාධිපතිවරයා දෛවෝපගත සිද්ධියක් ද සිහිපත් කළේය. ඒ තමන් ග්‍රාම නිලධාරීවරයකුව සේවයකරමින් සිටිය දී එක්සත් ජාතික පක්ෂයෙන් එල්ලවූ පීඩනය දරාගත නොහැකිව ඉන් ඉල්ලා අස්වූ ආකාරයයි. දිනක් පොළොන්නරුව දිසාපති කාර්යාලයට ගොස් තම ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ ද එය දිසාපතිවරයා පිළිනොගත් බව ජනාධිපති කීවේය. පසුව දා යළි පැමිණ ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ගෙදර ගිය බව ද ඔහු මතක්කළේය. එදා තමන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් පොළොන්නරුවේ දිසාපතිවරයා වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතාට අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර පත්වීමේ ලිපිය දුන්නේය. ඔස්ටින් ප්‍රනාන්දු මහතා සමග තවත් ආණ්ඩුකාරවරු හතරදෙනෙක් සහ ආණ්ඩුකාරවරියක් පත්වීම් ලිපි ලදහ.
උතුරු පළාත් ආණ්ඩුකාර - එච්.එම්.ජී.එස් පලිහක්කාර
සබරගමුව ආණ්ඩුකාර - බී.එම්.ඒ.ආර් පෙරේරා
මධ්‍යම ආණ්ඩුකාර - සුරංගනි එල්ලාවල මහත්මිය
උතුරු මැද ආණ්ඩුකාර - පී.බී දිසානායක
ඌව පළාත් ආණ්ඩුකාර -නීතිඥ එම්.පී ජයසිංහ මහතා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අෂ්ට ලෝක ධර්මය කියන්නේ ඕකට තමයි (නදී)
දැන් එතකොට ඔක්කොම කීදෙනාද? (නි)
රොනි,සිහිකල්පනාවක් නැද්ද? ලිපිය තියෙන්නේ ආණ්ඩුකාරවරුන් ගැන. ඇමතිලා ගැන නෙමෙයි. කොහොම පත්කළත් ආණ්ඩුකාරවරු 9 දෙනයි ලංකාවේ ඉන්නේ. (නි)
රොනී, එක පළාතකට එක ආණ්ඩුකාරවරයයි පත්කරන්නේ (නි)
සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන රටේ ජනතාව හැටියට අපට ආඩම්බරයි (නි)