ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ මාතෘකාව යළිත් දේශපාලන කරළියේ උණුසුම් මාතෘකාවක් බවට පත්වෙමින් තිබේ. අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීම ආණ්ඩුවේ ප්‍රධාන අරමුණක් වීම එයට හේතුව වී තිබේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව තම ප්‍රචාරක ව්‍යාපාරය තුළ වැඩි බරක් තැබීමටද ක්‍රියාකරමින් සිටියි.
තම දේශපාලන දිවියේ අඩසියවස පසුගියදා සටහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපගේ සහෝදර සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ එක් ප්‍රධාන අවශ්‍යතාවක් වන්නේ පළාත් සභා ක්‍රමය වෙනස් කිරීම බවය. පසුගිය යහපාලන රජය පළාත්පාලන සහ පළාත්සභා ඡන්ද ක්‍රම මුළුමනින්ම අවුල් කර ඇති බවටද ඔහු දැඩිව චෝදනා කර තිබිණි. පළාත් සභා ඡන්ද පැවැත්වීම මේ වනවිට වසර දෙකකින් පමණ ප්‍රමාද වෙමින් තිබෙන බවද සඳහන් කළයුතුය.
මෙහිදී මූලිකවම සලකා බැලිය යුතු කරුණක් වන්නේ පළාත් සභා ක්‍රමය මේ රටට දැන් අවශ්‍යද යන්න බව අපගේ වැටහීමය. ඒ සම්බන්ධව මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ අතර අර්ථවත් සමාලෝචනයක් සිදුවිය යුතු යැයි අපි සිතමු. එවැනි සංවාදයකදී මේ රටේ මහා සංඝරත්නයද විද්වතුන්ද ඇතුළු මහජනතාවගේ සහභාගීත්වයක් තිබීමද අවශ්‍යය. මේ රටේ පළාත් සභා පවත්වාගෙන යන්නේ දෙවැනි පෙළේ දේශපාලනඥයන්ගේ බඩගෝස්තරය සඳහා මිස ජනතාවට සේවයක් සැලසීමේ අරමුණකින් නොවන බවට රට තුළ පුළුල් මතවාදයක් පැතිර තිබීම ඊට හේතුවය. ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක වන පළාත්පාලන ව්‍යුහයක් තිබෙන රටකට පළාත්සභා පවත්වාගෙන යාම නිෂ්ඵල වියදමක් බව අපගේද වැටහීමයි.
බොහෝමයක් ජනතාව පළාත් සභා දකින්නේ රටේ මහජන මුදල් කාබාසිනියා කර දමන සුදු අලියකු වශයෙනි. එය එසේ නොවන බවට මතයක් ජනතාව තුළ ඇති කිරීමට පළාත් සභා මෙතෙක් කල් නියෝජනය කළ මැති ඇමැතින්ගේ සේවය අසමත් වී ඇති බවද පෙන්වා දිය යුතුය. පළාත් සභා ගොඩනැගිලි අහස උසට ඉදිකොට ඒවා නියෝජනය කරන මැති ඇමැතිවරුන්ට සියලු වරප්‍රසාද සහ සැප පහසුකම් ලබාදීමෙන් පමණක් පළාත් සභා ක්‍රමය පැවැත්විය යුතු බවට ප්‍රබල මතයක් ජනතාව තුළ ඇති කිරීමට නොහැකි බව සියලු දේශපාලනඥයන් දැනගත යුතුය.
මේ වනවිට පළාත් සභා කිහිපයක් අකර්මණ්‍ය වී වසර දෙකකටත් අධික කාලයක් ගතවී තිබේ. එහෙත් මේ පළාත් සභා අක්‍රිය වීම ජනතාවට දැනුණු බවක් රට තුළින් පෙනෙන්නේ නැත. ජනතාව තුළ ඒ පිළිබඳ කිසිදු සංවාදයක් නැත. පළාත් සභා තුළින් සිදුවන්නේ මහජන මුදල් මකර කටට යැවීම පමණක් නම් එවැනි සංවාදයකට ඉඩක්ද නැත. ඒ ගැන සියලු දේශපාලන පක්ෂ එකතු වී තීන්දුවක් ගතයුතුය. ඒ සඳහා මුල් පියවර තැබිය යුත්තේ මීළඟ මහමැතිවරණයෙන් බලයට පත්වන ආණ්ඩුවයි.
මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතු වන්නේ පළාත් සභා ක්‍රමයේ අනාගතය පිළිබඳ තීන්දුවක් ගැනීම රටේ පැවැත්විය යුතු මැතිවරණ කලට වේලාවට නොපැවැත්වීම සඳහා ලබාදෙන අවසරයක් නොවන බවය. පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා වන මැතිවරණ නිසි වෙලාවට එකම දිනයක පැවැත්වීම අවශ්‍යය.
යහපාලන ආණ්ඩුව ඇති කරගත් අර්බුද ඇතුළේ ඡන්ද පැවැත්වීම එකම අච්චාරුවක් බවට පත්විය. එය පළාත්පාලන ඡන්දයටද බලපෑවේය. ඊට පෙර පැවැති ආණ්ඩු පළාත් සභා ඡන්ද පැවැත්වූයේ තමන්ට හිතූ හිතූ වෙලාවලදීය. මේ ක්‍රම දෙකම දේශපාලන වශයෙන් බරපතළ වැරුද්දකි. මහජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමකි. වහාම මේ පිළිබඳව තීන්දුවක් ගත යුතුය. පළාත්පාලන ඡන්දය නිසි වෙලාවට පැවැත්වීමෙන් වැළකී සිටීමට නොහැකි වනසේ අණපනත් සැකසිය යුතු අතර පළාත් සභා සුදු අලියා අහෝසි කිරීමටද තීන්දු ගත යුතුය.
අනෙක් අතට මේ රටේ ඡන්දයක් පැවැත්වීමට විශාල මුදලක් වැය වන බවද සැලකිල්ලට ගතයුතුය. කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් ඒ වියදම තවත් බිලියන 03කින් ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව මෙවර මහ මැතිවරණයේ සමස්ත වියදම බිලියන 10ක් වනු ඇති බවත් මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි. 16,263,885ක ජනතාවක් ලබන මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. ඒ අනුව මන්ත්‍රීවරුන් 225 තෝරා පත්කර ගැනීමට එක් ඡන්දදායකයකු සඳහා රුපියල් 6,14,000ක් වැය කළ යුතුය. අවසාන විග්‍රහයේදී එක් මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට ආසන්නව රුපියල් මිලියන 44ක් වැය කෙරෙයි. ඒ අනුව මීළඟ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේදී පළාත් සභා 09ක මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීමට වැය කරන මුදලින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට හෝ සෑම පළාතකටම අංගසම්පූර්ණ රෝහලක් බැගින් ඉදිකිරීමට පවා හැකිවෙයි. ඒ මුදලින් පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් නඩත්තු කිරීම ජාතික අපරාධයක් නොවන්නේද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ මැතිවරණය පවත්වන දින, කරුණාකර පළාත් සභා අවශ්‍යද කියලා ජනතාවගේ අදහස් දැනගන්න. ජනමත විචාරණයක් පවත්වන්න. එතකොට ජනතාව නිසි පිළිතුරක් දේවි.. දේශපාලකයෝ කැමැති මොකක්හරි කුණු ගොඩක් අපේ ඔලුව උඩ පටවන්න.
පළාත් සභා ලංකාව වැනි කුඩා රටකට අවශ්‍ය නැත. මේ වනතෙක් පළාත් සභාවලින් කරපු ඉටිගෙඩියක් නැත. මහජන මුදල් ගිලින ආයතන පමණි. මතකද ලක්ෂ 6කට පුටු ගෙනාව පළාත් සභා මේවට වියදම් කරන සල්ලි වලින් මහජන සුබසිද්ධියට කොපමණ වැඩ ගොඩක් කළ හැකිද? දැන් පළාත් සභා නැහැ කියලා මහජනතාවට කිසිම පාඩුවක් නැත. එසේ නම් ඉදිරියට පළාත් සභා නැතිව රට දියුණු කරමු.
නැත.
සත්‍ය වශයෙන්ම, මේ පුංචි රටට මේ පළාත් සභා නැමැති සුදු අලියාගෙන් වෙන සෙතක් නැත. මෙයින් වෙන එකම දෙය රටේ පරිපාලනය අවුල් වියවුල් තත්වයකට පත්වීමය... දහසක් ප්‍රශ්න මැද බොහෝ දුෂ්කරතා මැද දිවිගෙවන රටේ ජනතාවට මෙය මහා බරකි. මහා හිසරදයකි. ප්‍රධාන රජයට බදු ගෙවනවාට අමතරව මොවුන්ගේ සුවපහසු නඩත්තුව වෙනුවෙන්ද වන්දි ගෙවනුයේ රටේ ජනතාවයි. තම පැවැත්ම වෙනුවෙන් එක්රැස්වී නීතිරීති සම්මත කරගන්නා මොවුන් රටේ ජනතාවගේ ලේ උරාබොන මාපිළුන් බව නොකියා බැරිය. රටක් ඇතුළේ රටක් අවශ්‍ය නත්වාක් මෙන් ආණ්ඩු ඇතුළේ තවත් ආණ්ඩු කුමටද ? එසේ තිබේනම්, ඒවා සැම සියඹලාණ්ඩු පමණක් වන්නේය. ජනතාවට සියඹලාණ්ඩු සඳහා අනවශ්‍ය වියදමක්, බරක් දැරීමට කිසිසේත් උවමනා නැත ... මේ පුංචි රටේ එක ආන්ඩුවක් තිබීම හොඳටම සෑහේ ...
පළාත් සභා යනු ඉන්දියාව විසින් '80 දශකයේ අපේ ඇඟේ ගැසූ දෙයක්... මේවායේ නඩත්තුවට මිනිසුන්ගෙන් බදු අය කරාට, මේවායින් මිනිසුන්ට ලැබෙන ප්‍රතිලාභ අවමයි. ලංකාව වැනි කුඩා රටකට පළාත් සභා අනවශ්‍යයි.
කොහෙත්ම අවශ්‍ය නැහැ. මේ විකාර සභාවල් නිසා පරිපාලනයේ මොනතරම් අවුල් වියවුල් වුණාද? මේ වරද දැන්වත් නිවැරදි කළ යුතුයි.
පළාත් සභා එපා කියමින් 1987දී උද්ගෝෂණය කළ පිරිස්ම පළාත් සභා මැතිවරණය කල්දැමීම මානව හිමිකම් අහිමි කිරීමක් ලෙස සිතනවා ඇති. නමුත් මෙම පළාත් සභා මෙරටට අනවශ්‍ය බව ලිපියේත් දක්වා ඇති අදහස් වලිනුත් පැහැදිලිවේ. පැය කීපයක් ඇතුළත රටේ ඕනෑම තැනකට යාහැකි මෙරටට පළාත් සභා වෙනුවට ජනතාවට වගකියන දැනට ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ දෙකකට එක් අයෙක් බැගින් පාර්ලිමේන්තු මන්ත්‍රීක්‍රමයක් ඇතිකිරීම වඩාත් සුදුසුයි. ඒ සමගම ඒඒ කොට්ඨාශයේම පදිංචි පුද්ගලයින්ගෙන් සැදුම්ලත් යම් අධ්‍යාපනයක් ලැබූ පිරිසක් පත්කිරීමක් හෙවත් මන්ත්‍රී තනතුරටද අධ්‍යාපන සුදුසුකම් නියම කිරීමද සුදුසුයි. බලය බෙදීමක් අවශ්‍ය යැයි කියන්නේ නම් ඒ සඳහාද පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නායකත්වය සහිත පුළුල් බලතල ඇති ගම්සභා හෝ ප්‍රාදේශීය සභා ඇතිකළ හැකියි. (අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ ලෙසට පාලන ක්‍රමයක් ඇතිකරමු)
මහජන මුදල් නාස්ති කරමින් වසර 30ක පමණ කාලයක් පවත්වා ගෙන ගිය පළාත් සභාවලින් රටේ ජනතාවට සිදුවූ සෙතක් නොමැත. පළාත් සභාවන් නොමැතිව ලංකාව පහසුවෙන්ම පාලනය කළ හැකි රටකි. ප්‍රාදේශීය සභාවන් පුළුල් කර මේ වනවිටත් අක්‍රීයව පවතින පළාත් සභාවන් අහෝසි කළ යුතුවේ. කිසියම් රජයක් පළාත් සභාමැතිවරණය පවත්වන්නේ නම් එම මැතිවරණය වෙනුවට පළාත් සභාවන් පවත්වාගෙන යාම සුදුසුද කියා ජනමත විචාරණයක් පත්වන්න. එවිට 90% ජනතාවගේ ප්‍රතිචාරය ඔබට ලැබෙනු ඇත.
මහින්ද ලොක්කා "බබා උක්කුං පාරක් දාලා" 2/3 ගන්න ට්‍රයි කරනවා. 2/3 ගන්න බලන්නේ ඕකට නොවෙයි. මුලුරටම කන්න පුලුවන් විදියේ වෙන ගේමකට... මහ මැතිවරණයෙන් පස්සේ වෙනම "ජනමත විමසුමක් තියමු..."
අනේ අපිට එපා...
වල්ලුන්ට, අමනයින්ට, අසික්කිතයින්ට, පාතාලයින්ට, දූෂිතයින්ට, මැරයින්ට අපරාධ කරන්න ලැයිසන් දෙන පළාත් සභා ඡන්දය නැවතත් මේ ලංකාවේ පැවැත්වීම අනවශ්‍යයි. එවිට අපිට බයෙන්, සැකයෙන් තොරව නිදහසේ ජීවත් විය හැක. මහජන මුදල් කෝටි ගණනින් ඉතිරි වේ. පළාත් සභාවලින් කරපු අපරාධ කියනවා නම් මේ පත්තරේ මට මදියි. මුලදි නම් ආණ්ඩුකාරවරු ගැනවත් විශ්වාසයක් තිබුණා. ජනතාවට සාධාරණයක් ඉටු වේවි කියලා. දැන්නම් එහෙමවත් නැහැ. ඒ නිසා පළාත් සභා නැවතත් අවශ්‍ය නැහැ. අනික මේ පුංචි ලංකාව බෙදලා පාලනය කරන්න දෙයක් නැහැ. විධායක බලතල ජනාධිපති අතට ගන්න. ඒකට උචිත ජනාධිපතිවරයෙක් දැනට පත්වෙලා ඉන්නවා. හැබැයි කොහොම වැඩ කරන්න ඉඩකඩ දේවිද දන්නේ නැහැ. අැද්දොත් පස්සට අදින්නේ තමන්ගේම කට්ටිය තමයි. වටේට ඉන්න හොර නඩේ නම් සත පහකට වැඩක් නැහැ. ගරු ජනාධිපති දැනට යන පාර නම් හරියටම හරි. ඔහුගේ නිර්මාණය හමුදා පාලනයක් නොවෙයිනේ. නීති ගරුක හමුදා නිලධාරින් අවශ්‍ය තැන්වලට පත් කිරීම. අපි වගේ උදවියට මොකවත් අවශ්‍ය නැහැ. අවශ්‍ය කරන්නේ නීතිය පමණයි. ඒක නිසා ටොපියක් හොරා කෑවත් දඬුවම් කළයුතු යුගයක් උදා කළ යුතුයි. පළාත් සභාව කියන්නේ හොරම හොර ගුහාවක්... තවදුරටත් පළාත් සභාව අවශ්‍ය නැත...
ඡන්දයක් පැවැත්වූවත් මිනිසුන් ඡන්දය දීමෙන් වැළකී ප්‍රතික්ෂේප කිරීමෙන් පෙනී යන්නේ අමන, තකතීරු ක්‍රියාපිළිවෙළයි.
බොරුවට ජනතාව අන්දලා, මැතිවරණයෙන් තුනෙන් දෙකේ බහුතරයක් ගන්න නේද මේ උත්සහ කරන්නේ? ඔය තක්කඩිකම් වලට උපන් ගෙයි මෝඩයෝ රැවටුණාට, හැමෝවම තම්බන්න බැහැ. පළාත් සභා අහෝසි කිරීමට අවශ්‍ය නම්, කළ යුත්තේ, ජනමත විචාරණයකට යාමයි. එවිට, රටේ ජනතාව සියයට අනුවකින්ම එය අනුමත කරාවි.