(අජිත්ලාල් ශාන්තඋදය)
පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට දෙන තැපැල් ගාස්තු දීමනාව ඉහළ දමන ලෙස සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී නිහාල් ෆාරුක් මහතා පළාත් සභා රැස්වීමේදී ඉල්ලා සිටියේ ය.
පළාත් සභා මන්ත‍්‍රීවරයකුට වාර්ෂිකව තැපැල් ගාස්තු සඳහා රුපියල් 24,000ක මුදලක් ලැබෙන බව පැවසූ මන්ත‍්‍රීවරයා තමන් වැනි ක‍්‍රියාකාරී මන්ත‍්‍රීවරුන්ගේ වාර්ෂික තැපැල් කෝටාව මුල් මාස කිහිපය තුල දීම අවසන් වන බව කීවේ ය.
ඉන් පසුව තැපැල් වියදම් තමන්ට අතින් දරන්නට වෙන බව ඒ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් සදහා වාර්ෂිකව රුපියල් 180,000ක තැපැල් දීමනාවක් ලැබෙන බවද නිහාල් ෆාරුක් මන්ත‍්‍රීවරයා කීවේය.
“පළාත් සභා පනත අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට හිමි දීමනාවලින් අඩක් පළාත් සභා මන්ත‍්‍රීවරුවරුන්ට හිමි විය යුතුයි. ඒ නිසා අඩුම තරමේ පළාත් සභා මන්ත‍්‍රීවරුන්ගේ වාර්ෂික තැපැල් දීමනාව රුපියල් 80,000 දක්වාවත් වැඩි කරන්න“යැයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවටද? මේ ගොල්ලෝ තැපැල් දීමනාව පාවිච්චි කරන්නේ කියල කිව්වා නම් තමයි කාරණය පැහැදිලි වෙන්නේ. මොකද? අද රජයේ සහ පෞද්ගලික අංශවලත් රාජකාරි කටයුතු සඳහා පාවිච්චි කරන්නේ විද්යුත් තැපැල් (ඊ-මේල් ) නිසා පළාත් සභා මන්ත්රීවරුනට තැපැල් දීමනාවක් දෙන්නේ ඇයි කියන එකත් ප්රශ්නයක්. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දෙන තැපැල් දීමනාවත් අහෝසි කරන එකයි කළ යුත්තේ. ඔවුන් තැපැල් සේවය මොනයම් දෙයකට හෝ පාවිච්චි කරනවා නම් තැපැල් දෙපාර්තමේන්තුවට ඒ මුදල් ගෙවන විදියේ ක්රියා මාර්ගයක් ගන්න ඕනේ. මට නම් හොඳටම විශ්වාසයි මේ දීමනාව තමන්ගේ පුද්ගලික වියදම් සඳහා තමයි මොවුන් පාවිච්චි කරන්නේ කියන එක.
එම දීමනාව මුද්දර විදිහට හරි, තැපැල් යන්ත්ර වටිනාකමක් විදිහට හරි දෙනවා නම් කමක් නෑ.