පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් නැගෙන චෝදනා ගැන විවාදයකට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බව එම අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
අමාත්‍යංශය කඹ අදින බවට ඇතැමුන් පසුගිය කාලයේ චෝදනා කළ ද තම අමාත්‍යංශයේ කිසිම කඹ ඇදිල්ලක් නැතැයි කී අමාත්‍යවරයා අමාත්‍යංශය මගින් සිදුකරන සියලූ කාර්යයන්හි පූර්ණ වගකීම තමන් භාරගන්නා බව ද ස`දහන් කළේය.
තමන් පසුගිය සතියේ මක්කම වන්දනාවේ ගියවිට සීමා නිර්ණ වාර්තාව මග හැර රටගිය බවට නැගුණු චෝදනා නිසා වන්දනා ගමන අතහැර යළි එන්නට තමා කටයුතු කළ බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මේ බව පැවසුවේ නව වසරේ රාජකාරී ඇරඹීම වෙනුවෙන් එම අමාත්‍යංශ පරිශ්‍රයේදී (02) පැවති උත්සවය අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු කෙනා එ්කාධිපතියෙක් කියලා පන්නාගත්තා. රටේ දැන් ඡන්දෙ තියන්නෙත් නැති තරමට ප්‍රජතන්ත්‍රවාදේ පිරිහිලා (නි)