( විනීතා එම් ගමගේ )
පළාත් සභාවල කථානායක ධුරයක් සඳහා යෝජනාවක් ගෙන එන්නේ සභාපතිවරුන් කථානායකවරු කර මහ ඇමතිවරු අගමැතිවරුන් සේ කටයුතු කරන්නට යැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත වර්ණසිංහ මහතා පවසයි.
පළාත් සභාව තුළ පාර්ලිමේන්තුවක් සේ කටයුතු කරන්නටත් වරප‍්‍රසාද හා බලතල වැඩි කරගන්නටත් මිස එහි මැති ඇමතිවරු මේ යෝජනාවෙන් සිදුවන හානිය ගැන නොසිතන්නේ යැයි ද වර්ණසිංහ මහතා කීවේය.
“බස්නාහිර පළාත් සභාවේ මේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ ජාතික හෙළ උරුමයේ මමත් නිරෝෂා මන්ත‍්‍රීතුමියත් විතරයි. තෙබුවන හාමුදුරුවෝ ඡන්දය දීමෙන් වැලකී සිටියා. පළාත් සභා කියන ආයතනය රටට අවශ්‍ය නැහැ. පළාත් සභා අහෝසි කිරීමට යෝජනාවක් ගෙන එනවානම් අපි අත් දෙකම උස්සනවා “යැයිද නිශාන්ත වර්ණසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා අහෝසි කරන්න අපිත් අත්දෙකම උස්සනවා
අන්න ශ්‍රේෂ්ට වැඩක්, රටට අනවශ්‍ය බරක්වූ, ඉවරකරමු පළාත් සභා.
පළාත් සභා අහෝසි කරන්න අපිත් අත්දෙකම උස්සනවා.
බොහොම කාලෙකට පස්සේයි ඉතාමත් නිවැරදි අවංක ප්‍රකාශයක් ඇහුනේ.සතුටුයි ඔබ තුමාගේ ප්‍රකාශය ගැන.
ඔය වැඩේට නම් මමත් අත් දෙකම නොවෙයි පුළුවන් තරම් ඡන්ද එකතු කරලා දෙනවා වගේම මුදලිනුත් උදවු කරනවා. මොකද මම මේවනතෙක් ඔය කියන අය කවදාවත්ම අපේ පළාතේ දැකල නැහැ. ඒ අයව දනින්න මට ඕන කමකුත් නැහැ. රටේ මුදල් කනවා විතරයි කරන එකම වැඩේ
පළාත් සභා වහාම අහෝසි කරන්න රටට බරක් සවයක් නැහැ...
පළාත් සභා අහෝසි කලයුතු බව අපි තරයේම කියා සිටිනවා. ජනතාව උද්ගෝෂණය කල යුතු මෙවැනි කරුණු වලටයි.