සිංගප්පුරු විදේශිය සංචාරයේ යෙදුණු මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රි කණ්ඩායමේ එක් මන්ත්‍රිවරයෙක් ඩොලර් නෝට්ටු රුපියල් කෝටි දෙකකට ආසන්න ප්‍රමාණයක් සිංගප්පුරුව බලා රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
මන්ත්‍රිවරයා ව්‍යාපාරික කටයුතු වල යෙදෙන හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු සමග එකතුව මෙම මුදල් කටුනායක ගවන් තොටුපළේදී සංචාරයේ යෙදුණු මන්ත්‍රි කණ්ඩායම අතර බෙදා දි ඇති බවත් මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් තනි පුද්ගලයෙකුට ගෙන යා නොහැකි බැවින් එසේ කර ඇති බවත් කියති.
එසේ ගෙන ගිය මුදල් සිංගප්පුරුවේ සිටින ශ්‍රි ලාංකික ව්‍යාපාරිකයකුට ලබා දි ඇති බව ද වාර්තා වේ.
මෙම සංචාරය සදහා මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරුන් 29 දෙනෙක් පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටත් ව ඇති අතර ඔවුන් ගමන් ගත් වෑන් රථය යටිනුවර හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා පැමිණෙන තෙක් පේරාදෙණිය පොල්ගහමුල ප්‍රදේශයේ විනාඩි 30 ක් පමණ නතර කරගෙන සිට ඇති අතර බවත් සමහර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් මේ ගැන විමසා ඇත. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරු විරෝධය පළ කර ඇති බවද කියති.
මේ සම්බන්ධව කළ විමසිමකදි මධ්‍යම පළාත් සභා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයෙක් පැවැසුයේ මෙම සිද්ධිය සම්පුර්ණයෙන්ම සත්‍යයක් බවයි.
මේ ගැන මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවැසුයේ මේ සම්බන්ධයෙන් කිසිදෙයක් තමා නොදන්නා බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම මහජන නියෝජිතයෝ. (නි)
මෙය සාමාන්‍ය පුද්ගලයෙක් කළා නම් මෙලහටත් දෙන්න පුළුවන් වද ඔක්කොම දීලා (නි)
ඉතින් ඕවට නොවේ නම් වෙන මොනවටද ලොක්කගේ මුණ දාගෙන පෝස්ටර් ගහගෙන පිවිතුරු දේශපාලනයට කියල ඡන්දෙ ඉල්ලුවේ? ගුවන් තොටුපොළේ වෙන කාටත් තියෙන චෙක් කිරිල්ල මෙයාලට නැත්තේ මෙයාල අති පිරිදුසු කට්ටිය නිසාද? (බ)
මේක ජාතික වංචාවක් නොවේද? මෙතරම් විශාල විදේශීය මුදලක් රටින් පිටකිරීමට කිසිම අවසරයක් අවශ්‍ය නැද්ද? කුඹි රැලක් කෑම රැගෙන යනවා වගේ මේ මන්ත්‍රී රැල මේ මුදල් සම්භාරය දුන්නේ කාටද, මොන අවශ්‍යතාවකටද කියා රජය සොයා බලනවද? (නි)
අද හොඳම රැකියාව දේශපාලනය (නි)
නන්දලාල් හරි. මෙච්චර වංචාවක් වෙලත් වගකියවුත්තන්ගේ ඇසුත් පේන්නේ නැහැ කණුත් ඇහෙන්නේ නැහැ. මේ නඩයම අත්අඩංගුවට ගන්න ඕනෑ නේද? (නි)
අර ක්‍රිකට් ක්‍රීඩකයන්වත් ගෙනල්ලා ප්‍රශ්න කළා. මේ අයට මොකුත් නැහැ (නි)
මෙයාලා එහෙ ගියා විතරයි එහෙ ග්‍රහ මණ්ඩලේ පිහිටීමත් වෙනස්වෙලා. (නි)
අම්මපා, මේ වගේ හොරුන්ට ඡන්දෙ දෙන අයටයි මඩු වලිගෙන් තලන්න ඕනෑ (නි)
රටට අවශ්‍ය මේ වගේ දේවල් තමයි. නැතුව යහපලානේ ඇති කරන්න බැහැ. තාම අවුරුද්දයි. තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට. සිංගප්පුරුවේ ඉගෙන ගත්තේ මොනවද දන්නේ නැහැ (නි)
අපි මේක කියමු පොලිස් මාධ්‍ය ප්‍රකාශකට , එයා හොඳ උත්තරයක් දෙවි ඕකට , මොකද මිනිහ ඇත්ත නැත්ත කරන්නත් නැත්ත ඇත්ත කරන්නත් හරි රුසිය (අ)
ජේමිස් 2016-01-21 05:06:38....කුඩු සල්ලිද දන්නෑ වෙන්න බෑ. ඕවා කුඹුරු කොටලා, හේන්කරලා සාධාරණෙන් හම්බ කරපු සල්ලි කියලද මෙයා හිතන්නේ ? (බ)
වර්තමාන දේශපාලකයෝ වැඩි දෙනෙක් රට ජාතිය හුරං කන වසලයෝය. මේ අය පාර්ලිමේන්තුවට අරින අපි අමනයෝය.අදුරදර්ශී මිනිසුන්ගෙන් පිරුණු රටක දියුණුවක් බලාපොරොත්තු වන්නේ කෙසේද? (අ)
උදුනක් කරල තියෙන්නෙ (අ)
මේ එකෙක් වත් අපේ දුප්පත් රටට ආදරයක් නැහැ අහිංසකයන්ගේ ලේ කදුළු මුසු උන මේ මුදල් මේ හතිකරේට සාපයක්ම වේවා (අ)
විදානෙ උන්නැහේත් මේ කණ්ඩායමට රිංගලා ගිහින් ඇවිල්ලා වගෙයි. ඔය ටිකිරි මොළේට අමතකද මේ කලින් කට්ටිය එඵවලා ඔහේල උඩට ගත් උත්තමයො කියලා. (නි)
මේ කට්ටියම උසාවියට දක්කනතුරුයි අපි බලාගෙන ඉන්නේ (නි)
කුඩු සල්ලිද දන්නෑ (බ)
ඔය මධ්‍යම පළාත් සභාවේ ඉන්න අය නුවරට කරපු දෙයක් නැහැ. පාරේ අයිනේ බස් නැවතුමක් හැදුවත් තමන්ගේ නම දාගන්න මානසික ලෙඩ්ඩු දැන් ඉන්නේ. (නි)
අනේ බබාලා! මොනවද දන්නේ....? (නි)
බෙලි කපාගෙන මිනී මරාගෙන දේශපාලනයට එන්නේ මොකටද කියලා දැන් හැමෝම දන්නවනේ. (නි)
ලබන ආත්මේ අර කවුද කියපු සත්තු වෙයිද? (නි)
ලෙහෙසිම උත්තරය - “මම මේ ගැන කිසිවක් නොදනිමි“ (නි)
මෙවන් තක්කඩි දේශපාලකයින් ලෝකේ කොහෙවත් නැතුව ඇති. හැම අංශයක්ම මේ රටේ පිරිහිලා. මෙය ධර්මද්වීපය යැයි කියාගන්නා රටේ අද කිසිම කෙනකු විශ්වාස කරන්න බැරි තරමට "අධර්මය" රජවෙලා. (නි)
මෙවැන්නන් දේශපාලනයට රිංගන්නේ තමාට සේවය කරගැනීමට විනා මහජනයාට සේවය කිරීමට නොවන බව මෙයින් හොඳින් පෙනේ. රටට නිගාදෙන මෙවැන්නන් දේශපාලනයෙන් ඉවත් කළයුතුය (නි)
මගේ හිතේ තිබෙන හැම දෙයක්ම මෙතන ලියලා. අද මට නිශ්ශබ්ද විලියම් වාගේ ඉන්නයි තියෙන්නේ. (නි)
ඩොලර් විතරද දන්නේ නැහැ ගෙනිහින් තියෙන්නේ? (නි)
ඕක අපිට නම් අලුත් දෙයක් නෙමෙයි. ඉස්සර ගුවන්යානා පුරෝගෙන තමන්ගේ පවුල් පිටින් අරන් ගිහින් කළ දේවල් ගැන අපි දන්නවා (නි)
තොත්ත බබාලා, දැන් මොකුත් දන්නේ නැතුව ඇති (නි)
මෙයා මොනවාද දන්නේ? අනේ කොහොමද දන්නේ නැහැ ඔය මහ ඇමතිකම කරන්නේ? (නි)