(විනීතා එම්. ගමගේ)
පළාත් පාලන මැතිවරණයට අදාලව පළමු පැමිණිල්ල අද(30) තම සංවිධානයට ලැබුණු බව පැෆරල් සංවිධානය පවසයි.
මෙය මැතිවරණය ඉලක්ක කර ගෙන සංවිධානය කර ඇති බව පැහැදිලි බවත් මේ වනවිට අපේක්ෂකයන් තෝරාගෙන නැති බැවින් නීතිමය රාමුව යටතට නොවැටෙන නමුත් මෙසේ භාණ්ඩ බෙදා දීමේ සංස්කෘතිය වහා නවතා දැමිය යුතු බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයෙක් විසින් 2017 විමධ්‍යගත මුදල් වලින් ගොවීන්ට උදළු තල ලබා දීම සඳහා ඊයේ පෙරවරුවේ දිඹුලාගල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී උත්සවයක් පැවැත්වූ බවත් ඔහු විසින්ම සංවිධානය කළ තවත් උත්සවයක දී සිමෙන්ති බෙදා දී ඇති බවත් හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කරන්නේ මොන පක්ෂයේ කට්ටියද කියලා මහජනතාව දැනුවත් කළොත් හොඳයි..
ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය නැතිව කොහොමද කරන්නේ? අනෙක ඔය කවුරු මොනවා බෙදුවත් හැමෝගෙන්ම ඒවා අරන් තමන් හැමදාම දෙන කැමැති කතිරෙමයි ගහන්නේ.. ලංකාවේ මිනිස්සු එහෙමයි.