(සුරියවැව දිලීප් ජයසේකර සහ මත්තල රොෂාන් දිලිප් කුමාර)
පළාත් සභා පනත අනුව ස්ථිර ලෙසම මේ වසරේ උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට නියමිත බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසයි. පළාත් පාලන මැතිවරණ ද මේ වසරේදී පැවැත්වීමට අපේක්ෂාවක් රජයට තිබෙන බව සිල්වා මහතා කියයි.
“කොට්ඨාශ ක්‍රමයට 70% ත් ,සමානුපාතික නියෝජන ක්‍රමයට 30% කුත් ජන්දය පවත්වන්න නියමිතයි. ඒත් අදාළ කටයුතුවල දෝෂයන් තියෙනවා.මේ සදහා කාන්තා නියෝජනය 25% ක් විය යුතුයි. මේ නිසා මේ සියලු නෛතික තත්වයන් සම්පුර්ණ කරගෙන ස්ථාවර ලෙසම මේ වසරේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ජනපතිවරයාගේ එකම බලාපොරොත්තුව මේ වසර තුළදී පළාත්පාලන මැතිවරණය පැවැත්විම බවත් ඒ මහතා කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ , ඔබල නිදාගෙන හිටියට ජනතාව අවදියෙන්. අවුරුද්දේ අන්තිමට වුනොත්,මැතිවරණය කල් දමල අවුරුදු 3 කට ලං වෙනවා. සමහර විට ඔය බයිලේම ගගහ ඉතිරි ටිකත් ගෙවල දමාවි.
තියයිද ? දන්නවා මොනවද වෙන්නේ කියල.
මැතිවරණය මෙහෙම තියාගැනීමටවත් බැරිවුණු ආණ්ඩුවක් තව නැහැ ලංකා ඉතිහාසයටම....