(ආරියරත්න රණබාහු)
පළාත් පාලන ආයතනයන් සතු සභිකයන් සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
එය මෙතෙක් කල් ප්‍රමාදවූයේ ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලැබෙන තෙක් සිටීමට සිදුවූ නිසා බවත් පැවසු ඇමැතිවරයා මේ වනවිට එම උපදෙස් ලැබී ඇති හෙයින් අදාළ ගැටලු නිරාකරණය කරගෙන ඇති බවද කීවේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා, ප්‍රාදේශීය සභා, මැතිවරණ එකවර පවත්වමු.