(මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
රජය ණය ලබා ගන්නා විට පොළි අනුපාත ඉහළ යන අතර පොළි අනුපාත කෘතිමව පාලනය කිරීමට නොහැකි බවත් පොළි අනුපාත කෘතිමව පාලනය කීරීමට නම් සමාජවාදී ආර්ථික ක්‍රමයකට යා යුතු බවත් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය.
“රජය ණය ලබා ගන්නා විට පොළි අනුපාත ඉහළ යනවා. පොළි අනුපාත කෘතිමව පාලනය කරන්න බැහැ. පොළි අනුපාත කෘතිමව පාලනය කීරීමට නම් සමාජවාදී ආර්ථික ක්‍රමයකට යා යුතුයි. එය කළ යුත්තේ රජය“ යැයි කොමිසමේ කටයුතු සඳහා සහය වන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මියගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහෙන්ද්‍රන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ණය ගැනීමෙනුත්, ඔය කියන පොළී අනුපාත පාලනය කරන්නට පුළුවන්.
, ඔබගේ අදහසට ගරු කරන්නෙමු, නමුත් එය වැරදි අදහසකි. ඔබ කියන පරිදි එසේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් ණය ගැනීම කළහොත් අප සහ අපගේ පවුල් ජීවත්වන්නේ කෙසේද ?? අප දියවන්නඔය "කසල මඩුවට " යනවිට අපට පාපැදියක්වත් නොතිබුණු බව හොදින් දන්නේ අපගේ මෝඩ චන්දදායකයන් බවත් උන්ට පින්සිද්ද වෙන්න දැන් සියලු සැප සම්පත්වලින් පිරි ජිවිතයක් ගතකරනවා.එනිසා පුළුවන්තරම් නය උපරිමයට ගත යුතුමය.
රජයක් ණය ගන්නේ රජයේ වියදම් ඇස්තමේන්තු අනුව. ඒ ඒ වියදම් ඇස්තමේන්තු ඒ ඒ රජයේ ආයතන වලින් ලබා දෙනවා. අති විශාල රජයේ සේවක බල මුළුවක් (සංවර්ධන නිලධාරී වගේ පත්වීම් එක්ක) නඩත්තු කරද්දි කොහොමත් රජයේ වියදම් වැඩි වෙන එක නවත්වන්න බෑ. ලංකාවේ සමෘද්ධි වගේ අමාත්‍යංශවල සහනාධාර මුදලට වඩා වැඩි සේවක පඩි නඩි, ගොඩනැගිලි කුලී, ලයිට් බිල්, වතුර බිල් ගෙවනවා.