(සෙනරත් බණ්ඩාර)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයකුට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
සේවක මහතාට පහර දීමට විරෝධය පළ කරමින් අද(7) සමස්ත විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක යෙදී සිටින අතර එම හේතුවෙන් සරසවි සිසුන්ගේ අධ්‍යයන කටයුතු කරගැනීමට දේශනශාලා විවෘතව නොතැබිණි. මේ හේතුවෙන් දේශනවලට සහභාගි වීමට අවස්ථාව නොලැබී ඇති අතර දින නියම කරගත් විභාග කීපයක් පමණක් පවැත්වෙන බවත් එයට සහයෝගය දක්වන බවත් අනධ්‍යන සේවක වෘත්තිය සමිති එකමුතුවේ ලේකම් රුවන් කුමාර මහතා පැවසීය.
පහරදීම සම්බන්ධයෙන් වැඩවර්ජනයේ යෙදී සිටින සේවක සංගම් සහ මහා ශිෂ්‍ය සංගමය සමග උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා සාකච්ඡාවක් පැවැත්වූ අතර මහා ශිෂ්‍ය සංගමය එම පහරදීම හෙළා දැක ඇති අතර පහරදුන් සිසුන් සොයා පාලනාධිකාරිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවක සංගම් සහ මහා ශිෂ්‍ය සංගමය සමග උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා සාකච්ඡාවක් පැවැත්වූ අතර මහා ශිෂ්‍ය සංගමය එම පහරදීම හෙළා දැක ඇත... මොනවද මේ කතා පහරදීමක් වුනොත් ජනතාවගේ බදු මුදලින් යැපෙන පොලිසියට බැරිද නිතිය ක්‍රියාත්මකකරන්න .. කතා පවත්වා පවත්වා ඉන්නේ මේ ගොල්ලෝ .. පුදුම රටක්
ඔතන ඉන්නේ රටේ ඉන්න බුද්ධිමත්ම පරපුර නේ. ඒගොල්ලෝ දන්නවා රාජකාරී කෙරෙන්නේ ඕන විදිහ. පොලීසියේ මහත්තුරු ඒගොල්ලන්ගෙන් අහල අකමැත්තක් නැත්නම් තමයි කරන දෙයක් කරන්න ඕන.
ඕවා අස්සේ එක නීතිය ක් ද
අසරණ ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙනගෙන, එහි වටිනාකමක් නැතිව, මිලේච්ජන් ලෙස හැසිරෙන විශ්ව විද්‍යාල සිසුන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද? බඩගෝස්තරවාදී දේශපාලකයින්ගේ බලල අත්වලින් මෙහෙයවන,ඉත්තන් වෙමින්, විනයකින් තොරව ලබන අධ්‍යාපනයෙහි අනිටු පල විපාක සමාජයට වගුරමින් සිටින සිසුන් කරන මේ සැහැසි රංගනය රටේ පාලකයින් නතර නොකොළොත් අනාගතයේදී මේ රට මිලේච්ජින්ගේ තෝතැන්නක් වෙනු ඇත.
රටකට ගිය කලක් හැම තැනක ම විරෝධතා, උද්ඝෝෂණ. රැකියාවක් කරන්න ඉගෙනුම ලබන්න කෝ මෙයාලට වේලාවක්. රටක් දියුණු වෙන්නේ කොහොමද ?????
පහර දුන් සිසුන්ට විරුද්ධව නීතිය ක්‍රයාත්මක කල යුතුයි.