‘පහරදී ආචාරධර්ම සෙවීම මාධ්‍ය නිදහසද?‘ මැයෙන් විවෘත සංවාදයක් බ්‍රහස්පතින්දා (15) දහවල් 12ට නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වීම නියමිතය.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කරන මෙම විවෘත සංවාදයේදී හම්බන්තොට පහරදීම, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මෙන්ම මාධ්‍ය ආචාරධර්ම ගැන ද , යළි මෙවැනි සිදුවීම් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද සාකච්ඡා කෙරෙයි.
මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්, පොලිසියේ නියෝජනයක් සමග ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලංසූරිය මහත්වරු ද මේ සඳහා සහභාගී වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය නිදහස තිබිය යුතුයි. රටේ මිනිස්සු ඇත්ත දැනගන්නේ ඔවුන් නිසා (ර)
යළි මෙවැනි සිදුවීම් ඇති නොවීමට ඉතිං වෙන මොනව කරන්නද අහුමුළු අස්සෙ, පිළිකනු, වැසිකිළි අස්සෙ රිංගල කරන අබිලිං වැඩ එන්සිනා වැඩ නැවැත්වීම හැර..තමංගෙ සීමාව දැනගෙන වැඩකළාම ඉවරයි.(බ)
ඉතාම හොඳ උත්සාහයක් (නි)