IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොහොර බෙදා හැරීම ගැන පූර්ණ විගණනයක්

 

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ යුරියා පොහොර ගොවීන් වෙත බෙදා හැරීම සම්බන්ධව පූර්ණ විගණනයක් කරන ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී තිබේ.

 ගොවීන්ට යුරියා පොහොර බෙදා හැරීමේ දී පවතින අඩු ලුහුඬුකම්, දුර්වලතා මෙන්ම  අක්‍රමිකතාවන් සිදුව ඇත්නම් ඒවා ඉදිරි මාස් කන්නයේ පොහොර බෙදා හැරීමේ ක්‍රියාවලියේ දී නිවැරදි කර ගැනීමත්, අක්‍රමිකතාවන් සිදුව ඇත්නම් ඊට සම්බන්ධ නිලධාරීන් හා වෙනත් වගකිවයුත්තන් සම්බන්ධව නීතිමය පියවර ගැනීමත් විගණනයේ අරමුණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 මෙම පූර්ණ විගණන ක්‍රියාවලිය පොහොර බෙදාහැරීම් කටයුතු අවසන් කළ වහාම අරඹන ලෙස ද අමාත්‍යවරයා දැනුම් දී තිබෙි.

යල කන්නය සඳහා යූරියා පොහොර  බෙදාහැරීම මේ වනවිට සියයට 98කින් අවසන් ව තිබෙන බවත් ඉතිරිය මෙම සතියේ බෙදා  අවසන් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

පොහොර බෙදා හැරීම ගැන පූර්ණ විගණනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site