බුලත්සිංහල පාහියන්ගල ලෙනෙන් 2012 වර්ෂයේ දී සොයාගත් මානව අස්ථි පද්ධතිය අවුරුදු 10,000ට පෙර මියගිය තරුණියකගේ බව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානවජීව විද්‍යා මාහාචාර්ය ජේ ස්ටොක් මහතා ඇතුළු කණ්ඩායමක් පවසයි. ඇය මෙතෙක් දකුණු ආසියාවෙන් සොයාගත් උසම මානවයා බව ද පර්යේෂකයෝ කියති. එම තරුණිය අවුරුදු 18-22ත් අතර වයසේ දී මියගොස් ඇති බවත් ඇය කුඩා කාලයේ සිටම දිර්ඝකාලීන දන්ත රෝගයකින් පීඩාවිඳි කාන්තාවක බවත් පර්යේෂකයෝ පවසති.
අස්ථි පද්ධතිය සම්බන්ධයෙන් කරන ලද විශ්ලේෂණ අනුව පෙනීගොස් ඇත්තේ මේ කාන්තාව අඩි පහයි අඟල් තුනත් පහත් අතර උසකින් යුතු කෙසඟ තරුණියක් බවයි. කිලෝ 54ක් පමණ බර කාන්තාවක බව ද පර්යේෂකයෝ කියති.
ප්‍රාග් ඓතිහාසික මානව අස්ථි හමුවන ස්ථානයන්හි දි සම්පූර්ණ අස්ථි පද්ධති හමුවන්නේ ඉතා කලාතුරකිනි. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ අස්ථි අතරින් සම්පූර්ණයෙන් ම හමුවූ හොඳම අස්ථි පද්ධතිය මෙය බව ද 2012 වර්ෂයේ දී කැණීම් සිදුකළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එවකට නියෝජ්‍ය අධයක්ෂ ජනරාල් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ අස්ථි පද්ධතිය ද දිරාගොස් ඉතා දුර්වල තත්ත්වයේ පැවති බවයි. පුරාවිද්‍යා කාල නිර්ණය ඇතුළු පරීක්ෂණ පැවැත්වීමට අපරට සතුව ඇති තාක්ෂණික ක්‍රමවේදයන්වලට වඩා ඉතා දියුණු ක්‍රමවේද දියුණු රටවල පවතින බැවින් මේ මානව අස්ථි පද්ධතිය එංගලන්තයට යවා අදාල පරීක්ෂණය සිදුකළ බව ද ඒ මහතා පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි දියුණු වූ රටවල් කියන එකක ආණ්ඩුවට තමයි මමත් වැඩ කරන්නේ. අපි ඉගනගෙන අවා බලන්න දියුණුව. ඇත්තටම දියුණුයි තමයි. හැම දෙයක්ම. නමුත් ලංකාවේ මිනිස්සු මේ කියන දියුණුව හරිම ළඟ ඉන්නේ. අවාසනාව අපේ අයට මෙය නොතේරෙන එක. ඉතා පොඩි වෙනස්කම මගින්, ආකල්ප මගින් අපිට ඕනනම් ඉතා කෙටි කලකින් මේ තත්වයට පත් වෙන්න පුළුවන්. මේවයේ ඉන්න මිනිස්සු සහ අපේ අය අතර විශාල බුද්ධිමය වෙනසක් හෝ හැකියාවන්හි වෙනසක් නැහැ. එකම ගැටලුව ශ්‍රී ලාංකිකයන් මෙවන් දෙයක් ඇති සිතමින් දියුණු සහ නොදියුණු ලෙස තමන්ම ම උගුලක කොටු වී සිටීමයි. මෙමගින් ඔවුන් සමග තරඟයට යාමට මැළි වෙනවා. එවිට නිකම්ම පරාදයි. (ස)
නැහැ පුෂ්පා ඔයා මේ ප්‍රශ්නේ දිහා බලන විදිය මට හිතෙන්නේ වැරදියි. අපේ රටේ මේ නොදියුනුවට මුල පළමු එක මිනිස්සුන්ගේ ආකල්ප. දෙවෙනි එක කතා දේශපාලනය මේ මගේ අදහස. (ස)
දැනගත් වයසේ හැටියට මෙයාට දරුපවුලක් එහෙම හිටියද දන්නේ නැහැ නේද? ඒ උනත් මෙයාගේ පරම්පරාවල් තවම මේ රටේ නැති වෙන්නත් බැහැ. හොයල බලමුද? (ර)
පුරාවිද්‍යාත්මකවත් අපේ රට මොන තරම් වැදගත් ස්ථානයක්ද.? (ර)