ගම්පහ කොළඹ දිස්ත්‍රික්කයන්හි ඇති වු ගංවතුර තත්වයට එක් හේතුවක් ලෙස නාගරික සංවර්ධනය නිසා ජල ප්‍රවාහන පද්ධතියට සිදු වු හානිය බලපා ඇතැයි පේරාදෙණි විශ්ව විද්‍යලයේ භූ විද්‍යා පිළිබඳ මහාචාර්‍ය කපිල දහනායක මහතා කියයි.
සුළු වර්ෂාවකදී පවා ජලය ගලා යෑමට ඇති ජල මංවලට බාධා ඇති වීම නිසා ගංවතුර ගැලිමේ තත්ත්වයට මුහුණ දිමට සිදු වි ඇතැයි ද හේ පවසයි.
නාගරික සංවර්ධනයේදි ඉදිවන මං මාවත් නව ගොඩනැගිලි ආදිය ඉදි කිරීමේදි ස්වභාවික ජල මාර්ග පැරණි භු සිතියම් වල ඇති බවත් යම් ඉදි කිරිමක් කරන විට ඒවාට බාධා ඇති වනවානම් ඒ සඳහා විකල්ප ක්‍රම උපයෝගි කර ගත යුතු බවත් කුඩා ජල පහරවල් වැසී යෑමෙන් ඒවා එකතුව අස්වාභාවික ගංවතුර ඇතිවන බවත් කපිල දහනායක මහතා පවසයි.
කොළඹ, ගම්පහ පමණක් නොව නුවරඑළියේ පවා ගං වතුර ඇති වනුයේ ස්වභාවික ජල පහර අවහිර කිරීම නිසා යැයිද හේ කියයි.
මේ අතර මහ වැස්සක දී කොළඹ නගරයේ රැස්වන ජලය මුහුදට ගෙනයාමේ නව උමං මාර්ග දෙකක් ඉදිකිරීමට යන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවසීය.
බෞද්ධාලෝක මාවතේ සිට බම්බලපිටිය දක්වා එක් උමං මාර්ගයක් හා දැනට පවතින කොළඹ වරායට උතුරින් ඇති මුතුවෙල් උමං මාර්ගය ආසන්නයෙන් තව උමං මාර්ගයක් ද ඉදි කරන බව ලේකම් ස`දහන් කළේය.
ලෝක බැංකුවේ ඩොලර් මිලියන 100ක (රුපියල් 14669811874.33) ආධාර මේ වෙනුවෙන් ලැබී ඇති අතර ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහය ඇතිව වසර දෙකක දී මෙම ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ලේකම් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වාසිය වෙනුවෙන් පැරණි මාර්ගවල තිබෙන බෝක්කු පවා ගල් දමා වසා එම ජල මාර්ග අවහිරකර ගොඩනැගිලි සෑදීම සාමාන්‍ය දෙයක් වීම කණගාටුවට කරුණක්. මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොලට කෙළින්ම ඉහළ මාර්ගයේ තිබෙන බෝක්කුව දැනට වසර 10 කට පමණ පෙර වසා එම ස්ථානයේ විශාල ව්‍යාපාරික ගොඩනැගිල්ලක් තනා තිබෙනවා. මේවාට මහනගර සභාව මෙන්ම මාර්ග අධිකාරියත් අවසර ලබා දී තිබීම කාලයක් තිස්සේ මෙම මාර්ගය භාවිතා කරන අපට අදහාගත නොහැකි දෙයක්. (නි)
මඩ ඉඩම් ගොඩ කරද්දී ඔහොම වෙනවා තමයි.උදාහරණයකට ගත්තොත් මුතුරාජවෙල ගොඩ කිරීම හේතුවෙන් ජලය බැසයාමට තිබ්බ ප්‍රධානතම මග ඇහිරිලා. (බ)
මිගමුව කලපුවේ පමුණුගම සහ සීදුව පැත්තට තිබෙන කඩොලාන සහ වගුරුබිම මුතුරාජවෙල රක්ෂිතයක් . නමුත් පහුගිය රජය කාලයේ එම වගුරුබිම හොරෙන් සහ එළිපිට එලි කර විවිධ ප්‍රදේශ වලින් ගෙනා ජනතාවට ඡන්ද ලබාගැනීමේ අරමුණින් බෙදා දුන්න . මෙය නීතිවිරෝධී වැඩක්. මිගමුව සහ කටුනායක ගුවන්තොටුපොළ ජාඇල සහ ඒ අවට ප්‍රදේශයන් මේ වගේ ගංවතුර අවස්ථාවල බේරිලා තිබෙන්නේ දැනට හරි ඉතුරුවෙලා තිබෙන වගුරුබිමෙනුයි . එය එළිකර ඉඩම් නැති අයට මන්ත්‍රීවරු ඉඩම් දෙන්නේ රට ගැන සහ ජනතාව ගැන ආදරෙන් නෙමෙයි .. මෙය මහා විනාශයක් . වහාම සොයා බලා මෙය නවත්වන්න ජනතාව ඉදිරියට පැමිණිය යුතුයි (බ)
ජලය බසයන වගුරු බිම් අනවසරෙන් ගොඩ කරනන් ගැන දැනුම් දීමට දුරකථන අංක සහ අදාල ආයතනය අපව දැනුවත් කරන්නේ නම් මැනවි (හේ)
මේවා මේ කාලයට පමණක් කියන කතා. මාසයකින් පසු ගිය පාරෙන්ම යයි. (බ)
අධිවේගී මාර්ග ඉදිකිරීමේදී කුඩා දියපහරවල් ගලායාම බාධා කිරීම හෝ අවහිර කිරීම එක හේතුවක් (ම)