
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය කර ඇත.
එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා රට බෙදන චින්තනයේ සිටින අපේක්ෂකයකු නොවිය යුතු බවටද රැස්වූ සියල්ලෝ ඒකමතික තීරණයකට පැමිණියහ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මහින්ද චින්තනය සමඟ එකට ගමන් කිරීමට එකඟ වන පුද්ගලයකු විය යුතු බවට රැස්වූ බොහෝ දෙනාගේ අදහසවූ බවයි.
එසේම විධායක රැස්වීමේදී ගත් තීරණ අනුමත කිරීමද මෙහිදී සිදුවූ බව සඳහන් කළ කාරියවසම් මහතා අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් නොගැනුණු බවද සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණේ කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදීය.
පක්ෂයේ ජේෂ්ඨයෝ සහ මැති ඇමතිවරු රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ලස්සනට ඉල්ලන් කනවා නේද? ඔහොම යන ක්‍රමය තව එනවා පසු පස
බංකොලොත් චින්තයේ පොහොට්ටුවක් දකින්නේ ආසාවනේ ජවනිකාව ඇත. පුටුව බුලත්කොලේ අද කෝ?
එහෙනම් ඉදිරියටත් හොරකම් කරන්න පුළුවන් මහින්ද චින්තනයෙන් නේ ගොඩක් කොමිස් හොරකන් වෙලා තියෙන්නේ අනිත් එක අධිකරණයෙන් වුණත් මහින්ද සහ සඟයෝ හොරුන් කියලා තීන්දුවක් දිලා ඉවරයි නේ
රට කොටින්ට දෙන්න ඩොලර්වලට කෑගහපු පඩංගු ගෑණියෙක්ගෙ පැටියා..
මහින්ද චින්තන කියලා කියන්නේ, ජාතිවාදය, ආගම්වාදය යොදාගෙන බලයට ඒම සහ බලයේ රැදී සිටීමට උත්සාහ කිරීම නම්, බලය රැක ගැනීම සදහා ජාතිවාදය හා ආගම්වාදය පෝෂණය කිරිම නම්, ඒ වගේම ජාතිවාදන්ට හා ආගම්වාදින්ය කප්පං දිලා බලය රැක ගන්න උත්සාහ කිරීම නම් සහ දෙන හැම කොන්ත්‍රාත් එකකින්ම අඩුම තරමේ සීයට දහයක්වත් කොමිස් ගැසීම, රටේ සංවර්ධනය නාමයෙන් කොමිස් ගහන්න පුළුවන් ව්‍යාපෘති ආරම්භය කිරීම, තමන්ගේ හෙංචයියන්ට බාර් ලයින්ස් හා පිරවුම් හල් බලපත්‍ර දීම රටේ කුඩු අපනයනය හා බෙදාහැරීමේ තමන්ගේ ගෝලයන් ලවා රට පූරා ව්‍යාප්ත කිරීම ස්ත්‍රී දූෂකයන් මිනිමරුවන් කුඩු මුදලාලිලා හා පාතාල නායකයන් මහජන නියෝජිතයන් ලෙස පත්කර ගනිමින් රටම පාතායක් කිරීමට උත්සහ කිරිම නම්, එහෙව් අමන දුර්ජන ප්‍රතිපත්ති අනුගමනය කරන එවුන් රටට එපා.
රට බංකොලොත් කරපු බවට අධිකරනය විසින් තීන්දු කරපු සහ රටම බංකොලොත් කරපු නඩේ සනුහරය එකතු වෙලා චින්තනයක් ගැන කතා කරනවා. සුන් තවමත් හිතන්නේ මහජනයා ගොනාට අන්දන්න පුලුවන් කියල වෙන්න ඇති. මේ සැරේ නං ඒවා බොරු. හොදේ.
මහින් ද චින්තනය මේ රටට සහ කරපු හරිය කාටවත් තවම අමතක වී නැත.එමෙන්ම ජනතාව දුන් පිළිතුර රාජපක්‍ෂලාට අමතක වී ඇතැයිද සිතිය නොහැකිය. ජනතාව තවමත් බලාගෙන, ඉවසාගෙන සිටන්නේ අපේ බෞද්ධ සංස්කෘතික පසුබිම නිසා මිස, රාජපක්‍ෂ ලාට ඇති ආදරයක් නිසා නොවේ. මහින් ද චින්තනය ලිව්ව උන් ද අද ඉන්නේ රනිල් සමග මිස රාජපක්‍ෂ සනුහරය සමග නොවේ. රනිල් ඔය පසුගාමී, කසිකබල් චින්තන සමග එකඟ නොවන අතර රනිල්ට චින්තන අහේනියක් ඇතැයිද සිතිය නොහැකිය. පුළුවන් නම් තම අපේක්‍ෂකයෙක් හෝ තමන් ම හෝ ජනාධිපතිවරනය ට ඉදිරිපත් කර බලන ලෙස අප ඔවුන් ට අභියෝග කරමු.
එකම සුදුසුකම හොරා කැම පමණය
රට බංකොලොත් කොරවපු මහින්දගෙ චින්තනේ ගැන තතමන්න තවමත් ලැජ්ජාවක් නැති හැටි
ඕක තිරණයක්ද? නිකන් කල් මර මර ඉන්නවා වැඩි කල් නොගොස් රනිල් පොහොට්ටුවෙි ඉවරම කරනවා
පට්ට හොරු ටික
මහින්ද චින්තනය කියන්නේ...රට හොරා කෑම ..කොමිස් ගැසීම...ඥාතිසංග්‍රහය ...මිනි මැරීම ...මාධ්‍ය කාරයන්ව අතුරුදහන් කිරීම- මැරීම ...කුඩු ගෙනෙන දේශකාපාලුවන්ව නිදහස් කිරීම...වගේ එදිනෙදා සිදුවුණ දේවල්. නාකි මයිනගෙන් පස්සේ මේ චින්තනය තියෙන්නේ බටලන්දේ නාකි රනිල්ගාවයි. ඔය මොන චින්තනය ආවත් රටේ අති බහුතරයක් ජනතාව මාලිමාව සමගයි. ජාතික ජනබලවේගයට ජයවේවා !!!
හොරා කන චින්තනය සමග ඉතින් රනිල් එකගයි නේ
මේ පාර පොහොට්ටුවට ඇපත් නැ ඔබලාගේ දේශපාලනය දැන් ඉවරයි
2019 වනවිට රට පත්වූ තත්වය ඇතිවුණේ මහින්ද චින්තනය නැත්නම් මහින්ද හීනය නිසා කියලා කියන්න අවශ්‍ය නැහැනේ ඔක්කොමලා දන්න එම තත්වය නැවතත් ඉදිරියට ගෙන යාමට තමයි පොහොට්ටුවේ එකම අරමුණ වෙලා තියෙන්නේ එහෙම නම් නැවතත් පොහොට්ටුව ජයග්‍රහණය කරන්න කටයුතු කරනවාද කියලා තීරණය කලොත් හොදයි
ඔය කියන චින්තනය රටට කරපු හරිය මදිද? කල් ඉකුත්ව ගිය ආහාර කන්න හරි මොලයක් කල්පනාවක් ඇති අයෙක් කැමති නැත. ඒත් ලේබලය කියවගන්න දැනීම නැති එකාලට ඒක හොඳ ලාභ ආහාරයක් වෙන්න පුළුවන්...
එහෙනම් ඉතින් ආපහු රාජපක්ෂ කෙනෙක්ම තමයි ඉල්ලන්ඩ වෙන්නේ. නැත්නම් ඔය බංකොලොත් චින්තනයේ කාටඩ හොඳ
යුද්ධය දිනපු නායකයෙක්
මහින්දයාගේ චින්තනය තමා බොරුව,රැවටිලි ,කපටි කයිරාටිකකම් ,බල තණ්හාව ,හොරකම වංචා දූෂණ නාස්තිය ,තාරුණ්‍යයට හෙටක් ,ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා පවුලේ උන්ව කිට්ටු කරගෙන රටම විනාශ කරපු එක.
මම නම් ඡන්දේ දෙන්නේ මහින්ද චින්තනය පිලි ගන්නා නායකයකුට විතරයි
බයිල වෙඩක් නෙහ පොහොටුවේ අපෙක්ශ්කයෙක්ඉදිරිපත් කරන්න ඉවරණේ කතාව
මේපසැපය කවදා ඉවර වෙයිද?
දෙවන මනාපය රනිල් ට දී පක්ෂය බේර ගන්න. රනිල් රට බේරා ගනිවි
2 මනාපය රනිල්ට දිලා පක්ෂය හා රට බේරා ගන්න