(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව සමග එක්ව සිටින මැති ඇමතිවරුන් රැසක් ඉදිරි කාලයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂවලින් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරුන් මෙන්ම,පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනකු ද මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පිරිසට දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කිහිප දෙනෙකුද ඇතුළත් වනු ඇති බව පැවසේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිව තිබෙන පිබිදීමත්,අනෙකුත් පක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් එම පක්ෂය සමග ඇතිකරගෙන තිබෙන මත ගැටුම් ආදියත්,හේතුවෙන් ඔවුන් මෙසේ එජාපයට එක් වෙනු ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ,ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට තරග කරනු ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතරම් ලොකු දෙයක් නොවේ. ජනතාවට සේවය පිණිසයි වැසිකිලි වලට, තනතුරු හා අනිකුත් වාසි කෑම මේසයට. ඡන්ද දායකයිනි පුළුවන් නම් කාපල්ලා.
එක්කො තොපි රටින් පලයව්, නැතිනම් අපි රටින් යන්නම්.
මුන්ට ඇමතිකම් ලැබෙනව නම් යකාගෙ පැත්තට හරි යයි.
එක පක්ෂයක අවුරුදු 10ක් හිටිය කෙනෙක් ඔය කියන පක්ෂවල ඉන්නවද? වාසි අතට හෝයියා...
අවස්ථාවාදීන්ට හොඳ අවස්ථාවක්. රටට හෙණ ගැහුවත් මේ අයට කමක් නෑ..
කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනවා නම් අපිට... මොන කෙන්ගෙඩියද? තව ඕනැ කියන්නේ.
එක්කෝ නුඹලා රටින් යන්න, නැතිනම් අපි රටින් යන්නම්. නුඹලාම කාපල්ලා රට...
ඇත්තටම පක්ෂ කියලා දෙයක් නැහැ පුතා... මේ ඔක්කොම ජීවත් වෙන්න දාන ගැට.... වෙනස අපි ඒවට අහුවෙන එකයි.
අරමුණ, මානය ඉතා පැහැදිලියි. 2024 ඊළග චන්දෙ එනකං රනිල් මැතිදු කරතියාගෙන නොගියොත් බඩ කපා ගෙන මැරෙන්න තමයි වෙන්නෙ. මනාපෙට හිටු කියල ණය අරං වියදමි කරපු සල්ලි ආපහු ගෙවා ගන්නත් සල්ලි ඕනෙ වෙනවනේ
එහෙට මෙහෙට වාසියට, පැවැත්මට පනින එක දේශපාලුවන්ගේ හැටියක්. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්ඩ කියලා පැනපු කට්ටිය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.
එහෙට මෙහෙට පනින දේශපාලකයන්ගේ අවසාන කාලයයි
මෙවැනි දේවල් වලට අපිත් විරුද්ධයි. 9 වැනිදා ගාලු මුවදොරදී හමුවෙමු.
කෙහොමටත් අච්චාරු පක්ෂයක්නේ. පුදුම වෙන්න දෙයක් නැහැ...
ඇමතිකම් හා වරදාන බලාගෙන වාසී පැත්තට සමහර පිරිස් අත ඔසවනවා.
දැන් බලපුවාම පක්ෂ, ප්‍රතිපත්ති අනුව පක්ෂවලට ඡන්දෙ දෙනවා කියන එකත් ප්‍රෝඩාවක්..?
පොහොට්ටුවේ පිරිස වෙනත් පක්ෂ එක්ක එකතු වෙලා තමන්ට වාසි ලබාගන්නවා
බොහෝදෙනා කියන්නේ වරින්වර එක්සත් ජාතික පක්ෂය පැරදුණාට මෙරට ජනතාවට සහන සලසා තිබෙන්නේත් අද කවුරුත් කතා කරන ඩොලර් ලැබෙන මාර්ග සලසා තිබෙන්නේත් එක්සත් ජාතික පක්ෂයෙන් කියා. ජේ.ආර්. නිදහස් වෙළඳ කලාප සංචාරක ව්‍යාපාරය, රණසිංහ ප්‍රේමදාස ඇඟලුම් කර්මාන්තය... මේවායින් විශාල පිරිසකට රැකියාත් ලැබුණා.
මහින්ද මහත්තයත් එකතුවෙනවද?
අලියට ඔක්ස්ජන් දෙන්නේ පොහොට්ටුව... මේවා මාස්ටර් ප්ලෑන්..!
උන් ඔක්කොම යාළුවො මල්ලි සියළු පාර්ළිමේන්තු මන්ත්‍රීල
ඔය දෙකෙම ඉන්නෙ මහ බැංකු හොරු , එතනෝල් කාරයො , කුඩු කාරයො මිනිමරුවො , කොච්චි වල මල කඩපු පික් පොකට් කරයො , ඔය ගොල්ල හොඳට ගලපෙනව , එතනොල් බිස්නස් කරන අය සහ කුඩු බිස්නස් කරන අය , ගමිනි ලොකුගෙ වැනි බොහෝ දෙනෙක් කලින් හිටියෙ එජාපෙ.
බුද්ධිමත් මිනිසුනේ, දැන් ඔය තියෙන එක පක්ෂෙකට වත් මිනිස්සු ඉදිරි මැතිවරණයකදී ඡන්දෙ දෙන්නේ නෑ. ඒ නිසා අළුත් නැවුම් වැඩපිළිවෙලක් එක්ක අලුත්ම පිරිසක් සංවිධානය වෙන්න සුදුසු වෙලාවයි මේ... ඒ නිසා කියව කියවා ඉන්නේ නැතිව රට ගැන හිතලා උගත්, බුද්ධිමත් පිරිසක් ඡන්දෙට ඉදිරිපත් වෙන්න. අපේ බලාපොරොත්තුව එයයි. ඔය ඉන්න කිසිම කෙනෙක්ගෙන් රටට යහපතක් නම් වෙන්නේ නෑ. පේනවානේ ඇමැතිකම් වෙනුවෙන් කරන පාවාදීම්. පිස්සු වගේ. ජනතාව මේවා බලාගෙන ඉන්නේ...
ජාතියක්, ජන්මයක්, ප්‍රතිපත්තියක් නැති වුණු කපටියෝ රැළක්..!
එයාලා තමයි පොඩි කාලේ අපි බෙටීට සෙල්ලම් කලේ. දැන් ඒ සෙල්ලම කරනවා ගොඩක් ඇමතිලා..!
අපි ඉස්කෝලෙ යන කාලේ බටීට සෙල්ලම් කලේ.. එයාලා දැන් ඒ සෙල්ලම් කරනවා.
රට ගැණ වත් අනාගතයේ ජීවත් වෙන්න සිට්න දරුවන් ගැණ වත් නොහිතන තමන්ගේ පටු අරමුණු ඉටුකරගෙන මහජන මුදලින් නඩත්තු වෙන පරපෝෂිතයන් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද.