
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.
එම පක්ෂයේම ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙලෙස දීමනා ලබන පිරිසේ මන්ත්‍රීවරියන්ද දෙදෙනකු සිටින බව දැනගන්නට ඇත. ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තොරතුරක් තමාටද ලැබී ඇති හෙයින් ඒ ගැන කරුණු සොයා බලාගෙන යන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මහජනතාවගේ මුදල් බදු වශයෙන් හූරාගෙන මුන්ගේ අම්මගේ අප්පගේ බුදලය වගේ හොරකම් කරනවා නැති නාස්ති කරනවා බෙදා ගන්නවා අමන පාලක හැත්ත. මුන්ව දාන්න හිරගෙවල් හතක් තිබුණත් මදි වෙයි.
ප්‍රතිපත්ති මුදලට පාවාදෙන මිනිස්සු
මහජන මුදල් අවභාවිතය - සල්ලි ගන්න 15 දෙනෙක් පමණ සියලුම සාක්ෂි සමගම අපි දන්නවා. සල්ලි ගෙවන බියගුළු සූත්තර පැන්චා ගැන කියන්න ඕනෑ නැහැනේ. කකුළුවා භාජනයේ වතුර රත්වෙනකම් ජොලියේ පිහිනනවලු. මේ කට්ටියත් ඒ වගේ තමයි. තව ටික දවසකින් වතුර උතුරන්න ගත්තාම .." ටූ ලේට් ". කෙලින්ම කට්ටියටම හිරබත් රහ බලන්න වෙයි.
රටම හොරාකාලා විනාශ කරපු පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට කොහොම තෑගි දෙන්න බැරිද?
ඔය කට්ටියටම ලොකු තෑගි වගයක් ලැහැස්ති කරගෙන ඉන්නේ ගම්වල ඡන්ද දායකයෝ...වරෙල්ලා ගමට .. දෙන්නම් සම්බෝල...
තවමත් මොවුන් රට හදයි කියලා හිතනවද?
අපි දුප්පත් වෙන්න හේතු තමයි ඔය, මේ සල්ලි අපේම සල්ලි, මෙතැන රජයට සහ මෙතෙක් පාලකයින්ට කඩේ යන අය අනුරට බැනලා වතුර ටිකක් බීල නිදාගන්න. කවුරු දිනුවත් ඔහොම තමයි කියලා...
කොහොමද බෙදිල්ල...? ඕකෙන්ම තේරෙන්න ඕනේ රනිල් කවදාවත් වංචාව, දූෂණය නවත්වන කෙනෙක් නෙවෙයි. ඒ බරත් දාන්නේ ජනතාවගේ පිටින් තමයි.
සජබෙ අයටත් විමධ්‍යගත මුදලින් සලකලා අමතරව බාර් ෆර්මිට් වලින් සලකලා තියෙනවා. දැන් වැටහෙනවා ඇති මේ දෙතුන්ගොල්ලන් රටේ මිනිස්සු කොපමණ තරමින් ගොනාට අන්දවනවාද කියලා. 88/89 ට බැනලා හිත හදාගමු...
ආරංචිය සුබයි... මේක තමයි දැන් අලුත්ම කන්සෙප්ට් එක.. ප්‍රතිඵලය තමයි නිතර දකින මෙවැනි සුබ පුවත්! 226ම තක්කඩින් කියන්නේ මේ නිසයි. පක්ෂ-පාට කරේ තියන් ඉන්න බත් කන හරක් මේ කමෙන්ට් එක අන්ලයික් කරාට කමක් නෑ.. එතකොට ගැනගන්න පුළුවන්..
"මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන" මේකනම් වෙන්න බෑ .රට ජාතියේ දියුණුව වෙනුවෙන් පාර්ලිමේන්තු ආව අපේ පොහොට්ටු මන්ත්‍රී උතුමන්ව මෙච්චර අඩු මුදලකට කවදාවත් මිලදී ගන්න බෑ
ඕකට පුදුම වෙන්න දෙයක් නෑ. ඔය කවුරුත් පාර්ලිමේන්තු ආවෙ රට හදන්න නෙවෙයිනේ. ඉතින් ආවේ මඩිය තරකර ගන්න...
අපේ ගමේ ඉන්නවා රාජපක්ෂලාගේ ඥාතියෙක්... ඉස්සර ත්‍රීවීල් රියදුරෙක් දැන් රජයේ සමාගමක සභාපතිවරයා. ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේත් ගෙවල් තියෙනවා. ඕවාට කොහෙන්ද සල්ලි? අපි දුක්විඳලා හම්බ කරපු සල්ලි නේද? අපේ ළමයින්ට අනාගතයක් නැද්ද? රාජපක්ෂලා විතරද අනාගතයක් තියෙන්නේ?
කප්පම් ආණ්ඩුවෙන් ජනතා මුදල් යොදාගෙන කප්පන් සහ වරප්‍රසාද දීලා තම බලය තහවුරු කරගැනීමේ නීච ක්‍රම වේදය ජයටම කෙරෙනවා. රතිඤඤ පත්ත්තු කරමින් ඒවාට ආවඩන අයත් ඉන්නවා.
මේවා දැකලත් තවම රටට වෙනසක් ඕන නෑ කියලා තේරෙන්නේ නැත්නම් ඒ මානසික ලෙඩෙක් ම වෙන්න ඕනේ