අනවසරයෙන් ඕසට්‍රේලියා මුහුදු සීමාවට ඇතුළු වී යැයි ශ්‍රි ලංකා නාවික හමුදාවට පෙරේදා (06) භාර දුන් ශ්‍රි ලංකීක සරණගතයින් පිරිස අතරින් පස් දෙනෙකු ජුලි 22 දක්වා රිමාන්ඩ් කිරීමටත්, වයස අවුරුදු 16 ට අඩු ළමයින් නම දෙනෙකු නිදහස් කිරීමටත් 27 දෙනකු රුපියල් 5000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත මුදාහැරීමටත් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් යු.එස්.කලංසූරිය මහතා අද (08) නියෝග කෙළේය.
මඩකලපුවේ පදිංචි මේ පිරිස රැගත් නාවික යාත්‍රාව ගාල්ල වරායට සේන්දු වීමෙන් පසු සරණගාතයෝ පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කරනු ලැබූහ.
මේ පිරිස ඕස්ට්‍රේලියාවට රැගෙන ගිය බව කියා ලැබු පස් දෙනා ජුලි 22 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.
මේබ සරණාගතයින් ඕස්ට්‍රේලියාවේ මුහුදු සීමාවට ඇතුළු වීමෙන් පසු යළි ශ්‍රී ලංකා නාවික හමුදාවට මුහුදේ දී භාර දීම ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන දැඩි නොසතුට පළ කරයි. නඩුව යලි 2015 මැයි 11 වැනි දින විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජාතියන්තර මානව හිමිකම් සංවිදාන ඇත්තටම මොකද කරන්නේ.(දී)
රටේ පවතින දුර්වල අාර්තිකය නිසා ජීවිත පරදුවට තබා මේ අයවලුන් මේ ගමන යන්නේ. (ස)
ඔස්ට්‍රේලියාවත් කුඩු කාල වගෙයි. (නදී)