බේරේ වැවේ ගාලු මුවදොර බේසම අසලට අද (14) අලුයම 2.30 ට පමණ වැටුණු මෝටර් රථයක සිටි තරුණයින් පස් දෙනකුගේ දිවි බේරා ගැනීමට නාවික හමුදාව හා කොටුව පොලිසිය සමත් විය.
මෝටර් රථය අඩි 10 පමණ ගැඹුරු දියේ ගිළෙමින් සිටියදී මෙම පිරිස මහත් පරිශ්‍රමයක් යොදා බේරාගත් බවද පොලිසිය කියයි.
රියදුරු තිරිංග ක්‍රියාත්මක කර ඇති අතර තිරිංග ක්‍රියාත්මක කිරීමේදී රියදුරුට රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව මෝටර් රථය පාරෙන් විරුද්ධ දිසාවට පෙරළී ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් බේරේ වැවට වැටී ඇති බවද පැවසේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට සම්බන්ධ අයගේ කට්ටියක් වෙන්න ඇති සමහරවිට. එයාලට නම් නීතියක් නැහැනේ. නීතිය ඉතින් අපිට විතරයි (නි)
මාතෘකාව ගොඩක් උචිත එකක් මේ ප්‍රවෘත්තියට. (නි)
පහක් බේරේ. කාරෙක බේරේ. ඔක්කොම බේරේ.(හේ)
බේරේ සුද්ද කරලා තිබුන නිසා හොඳයි. නැතිනම් අප්‍රිකාවේ ඉබෝලා වගේ ලංකාවෙන් බේරේලා කියලා අලුත් බෝවෙන රෝගයක් ලෝකයටම බෙදලා දෙන්න තිබුනා.(හේ)
යක්කු ගස් යන වෙලාවේ බීලා හිටියද ? (නදී)
ඖෂධ පොකුණෙන් නාපු කට්ටියක් ගැන ඔය ඇහුවමයි. (නදී)
ජීවිතේට ලෙඩක් හැදෙන එකක් නැහැ ඕකෙන් නෑවට පස්සේ. සැර ජාති මොකුත් පානය කරලා හිටපු බවක් සදහන් කරලා නැහැ. (නදී)
ටිකක් හිමින් ගියානම් මොකද වෙන්නේ. (ර)
කොහොම හරි ජිවිත අනතුරක් නැති එක ගැන සතුටුයි. (නදී)
දශමුලාරිෂ්ටය පිරවු බෙහෙත් ඔරුවක ගිලුනා හා සමානයි. (නදී)
කාර් රේස් බලලා බලලා දැන් අපේ අය සාමාන්‍ය පාරවල් වල යන්නෙත් ඒවායේ යනවා වගේ (නි)
කවුරුත් එයාලට මොකුත් කියන්න එපා (නි)
කව්රුත් බීලා නැහැ. මමත් ඒ කාර් එකේ තමා ගියේ. (බ)
කවුද මේ කට්ටිය? (නි)
අලුයම බොහොම සෙමින් වැදගත් ගමනක් ගිය අහිංසක තරුණයින් පිරිසක් නේද මේ? (නි)
ලොකු පවුල් වල වැදගත් මහත්හොරු ටිකක්ද දන්නෙත් නැහැ. (නි)
මොන ජාතියේ අය උනත් නාවික හමුදාවට පිහිට වෙන්න ජීවිත බේරා ගත්තා. නාවික හමුදාවට ජය වේවා !! (බ)
පොලිසියේ සහ නේවි එකේ කොල්ලො ටික නිසා පන බේරැනා ඒ වුනාට උඔල පොඩ්ඩ බැරිවෙච්ච ගමන් බනින්නේත් උන්ටමයි (බ)