IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පහේ හපනා ඇඹිලිපිටියෙන්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගනේ ලකුණු 199ක් ලබා ශ්‍රී ලංකාවේ පළමුවැනියා වීමට ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඩබ්.ඒ.වේනුජ නිම්සත් සමත්ව සිටියි.  ලකුණු 198 ක් ලබා  පෙළොන්නරුව රාජකීය විද්‍යාලයේ මාලක නෙත්මාල් තිලකරත්න සිසුවා දෙවැනි ස්ථානය ලබා ඇත. තුන්වැනි තැන දිනූවෝ දෙදෙනෙක් සිටිති. බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රාථමික විදුහලේ ගලපිටගෙදර සහනි යශෝදරා ගුණසේකර හා මාවනැල්ල සහිරා මධ්‍ය මහා විද්‍යාලයේ මොහොම්මදු නිස්වාරි ෆාතිමා සාමා ලකුණු 197 බැගින් ලබා තුන්වැනි තැනට පත්ව සිටිති. පසුගිය අගෝස්තු මස 17 දා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයට සිසුහු 327,648ක් පෙනී සිටියහ.



අදහස් (0)

පහේ හපනා ඇඹිලිපිටියෙන්

ඇලෙක්ස් ඇන්ඩර් Sunday, 28 September 2014 04:48 AM

දරුවනි ඔබ සැමට මගේ ප්‍රණාමය (දී)

:       0       0

සුනිල් විතානගේ Sunday, 28 September 2014 04:49 AM

ඉස්සර ඔක්කොම කොළඹ (දී)

:       0       0

කැලුම් Sunday, 28 September 2014 05:00 AM

පහේ හපනුන්ට සුබ පැතුම් , ගමේ ළමයින්ගේ දක්ෂ කම ගැන සතුටුයි .. (දී)

:       0       0

නිරාන් සෞදි Sunday, 28 September 2014 05:23 AM

අනේ පුතේ හිස් ටින් එකක් නම් වෙන්න එපා (දී)

:       0       0

රුවන් Sunday, 28 September 2014 02:09 PM

මේ ප්‍රතිපලවල 3 වෙනියා වැරදිය (දී)

:       0       0

රවී Sunday, 28 September 2014 05:33 AM

සියලු දරුවන් රටට වැඩදායි පුරවැසියන් වේවා (දී)

:       0       0

සුගත් Monday, 29 September 2014 04:37 AM

ගමේ දරුවන් ඉගෙන ගන්නවට ඉරිසියා පිරිසකුත් ඉන්නව වගේ ශිෂ්‍යත්වෙ විතරක් නෙමේ දැන් උසස් පෙළ විභාගෙනුත් වැඩි ලකුණු ගන්නේ ගමේ ළමයි එයාලගෙ දක්ෂතාව හෑල්ලුවට ලක් කරන්න එපා(දී)

:       0       0

දිනුෂ කරුණාරත්න Sunday, 28 September 2014 02:31 PM

ඇඹිලිපිටියට වාසනාවන් (දී)

:       0       0

රමණි පෙරේරා Sunday, 28 September 2014 05:45 AM

මේ නම් ජනප්‍රිය පාසල් වලට තියෙන ඉල්ලුම අඩු කිරීමට කරපු ජිල්මාට් එකක්ද කියලත් හිතෙනවා.(දී)

:       0       0

මිලින්ද Sunday, 28 September 2014 06:08 AM

තෙරුවන් සරණයි මගේ පුතේ (දී)

:       0       0

වසිත Sunday, 28 September 2014 06:09 AM

ඔයාලා සියළු දෙනාටම තෙරුවන් සරණ හා සියළු දෙවියන්ගේම පිහිටයි(දී)

:       0       0

රත්න Sunday, 28 September 2014 06:55 AM

දරුවනි සැමට තෙරුවන් සරණයි (දී)

:       0       0

චමින්ද Sunday, 28 September 2014 07:03 AM

නියමයි ! මුල් තුනම ගම්පළාත්වලට. (දී)

:       0       0

ටෙනිසන් Sunday, 28 September 2014 07:00 AM

අල්පෙච්ච ජීවිත ගතකරන,කොම්පියුටර් ගේම් නොදැකපු ,දෙමාපියන් දෙපස තබාගන රූප පෙට්ටියේ ඔලුව ඔබ නොගත් ගමේ එකා ඉහලින් සමත් වුනාම ජිල්මාර්ට් කියන්න තරම් මන්ද බුද්දික දෙමා පියන්ගේ දරුවන්ට නොදුටු දෙවියන්ගේම පිහිටයි. (දී)

:       0       0

දිනිති විරේන්ද්‍ර Sunday, 28 September 2014 07:08 AM

අපෙන් සුබපැතුම් හපනුන්ට (දී)

:       0       0

කුමාර Sunday, 28 September 2014 07:14 AM

මේවා ජිල්මාට් මොකද ළමයි හොද පාසල්වලට එනවාට!! ඔය ඔක්කොම ප්‍රතිපල විකෘති කරලා (දී)

:       0       0

නයෝමි Sunday, 28 September 2014 07:22 AM

ගිය පාරත් ඔයටිකමනේ කරේ දරුවන්ව අනාත කරා. ඔය හොර වැඩ කවද හරි එලි වෙයිනේ රටේ අනාගතය වන දරුවන්ට මේ කරන අසාධාරණේ (දී)

:       0       0

සම්පත් 08 Sunday, 28 September 2014 07:22 AM

රමනිගේ කතාව බැහැර කරන්නත් අමාරුයි කොහොම උනත් හැමදාම ගමේ ල,අයි දක්ෂයි (දී)

:       0       0

ගුණවර්ධන Sunday, 28 September 2014 07:44 AM

තෙරුවන් සරණයි මගේ පුතේ....(දී)

:       0       0

මොහාන් Sunday, 28 September 2014 07:48 AM

රට පුරා සම්පත් බෙදී ගිහිල්ලා (දී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 28 September 2014 08:05 AM

රමණි පෙරේරා.අඩුම වසයෙන් එකම කෙනෙක් හෝ සත්‍ය තේරුම් ගැනීම ගැන සතුටු වෙනවා.දැන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තියන්න දරුවන් සමත් කිරීමට නොවෙයි .දරුවන් අසමත් කිරීමටයි.දරුවන් සමත් වෙනවා කියන්නේ ලොකු පාසල් වල පුටු කිහිපයක් හෝ වෙන් වෙනවා කියන එකයි.ලක්ෂ 5-15 ගානේ මුදලක් අහිමි වෙනවා කියන එකයි.පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වෙනවා කියන්නේ දුප්පත් දෙමාපියන්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිද වැටෙනවා කියන එකයි.මේ ගැන ලියන්න හිතුනේ පන්තියේ 1-2 අතර සිටින මගේ දරුවත් අරන් තිබුනේ 159 ක ලකුණු ප්‍රමාණයක්.මෙවර විබාගයෙන් ලකුණු 199ක්198ක් ගන්නවා කියන්නේ සිහිනයක් පමණයි. (දී)

:       0       0

සුජීවා Sunday, 28 September 2014 08:05 AM

කොළඹට හුරේ,,,, ..තව පසුකම් දෙන්න බලන්න සැප මදි කොළඹට (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 28 September 2014 08:07 AM

ලංකාවේ කොතන බැලුවත් තියෙන්නේ ජිල්මාට් තමයි.හොදින් තේරුම් බේරුම් කර ගන්න මොලේ නැතිනම් කපෝතියි .(දී)

:       0       0

අනුරාධා ජයසුන්දර Sunday, 28 September 2014 08:43 AM

රමණි පෙරේරා ,ඔබ කිව්වා හරි මේවත් දැන් මැතිවරණ ජිල්මාර්ට් වගේ තමා ...ගිය සැරෙත් එහෙම වුනා නේද (දී)

:       0       0

හේරත් Sunday, 28 September 2014 08:55 AM

දරුවනි ඔබ සැමට මගේ ප්‍රණාමය!!! (දී)

:       0       0

රාමා Sunday, 28 September 2014 09:22 AM

දූ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා, ගමේ හපනුන් ගැන ආඩම්බරයි (දී)

:       0       0

රත්න Sunday, 28 September 2014 09:36 AM

ඔයාලා සියළු දෙනාටම තෙරුවන් සරණයි .....!!! (දී)

:       0       0

ආරියරත්න Monday, 29 September 2014 08:43 AM

ඇඹිලිපිටිය පුරවරයට කිර්තියක් ගෙන දුන් චුටි හපනාට ජයෙන් ජය (දිල්)

:       0       0

යමුන මිලානෝ Sunday, 28 September 2014 10:53 AM

රටට ,ලෝකයට වැඩදායක පුතුන් ,දියණියන් වේවා ,තෙරුවන් සරණද ලැබේව කියා ඉතසිතින් පතන්නෙමි . (දී)

:       0       0

සුරිය Sunday, 28 September 2014 11:08 AM

ඔක්කොම පිට පළාත්වලට නේ බස්නාහිර පළාත විනාසකලා. (දී)

:       0       0

සේන Sunday, 28 September 2014 11:15 AM

පුතාලාට සුබ පැතුම්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site