(ඉන්දික අරුණ කුමාර)
පොහෝ දිනයන්හී සිදු කරන ආගමික වැඩසටහන්වල ප්‍රමිතිය පිළිබඳ විධිවිධාන ඇතුළත් කර චක්‍ර ලේඛයක් දිවයිනේ සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් සහ විහාරාධීපති හිමිවරුන් වෙත යොමු කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව එළඹෙන වෙසක්, පොසොන් සහ ඇසල පොහෝ දිනයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබේ.
දන්සැල් සඳහා ආධාර එකතු කිරීමේ දී ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සහ ග්‍රාම නිළධාරීවරයාගේ නිර්දේශය අනිවාර්ය කර තිබේ.
එමෙන්ම සංදර්ශන කටයුතු මහජනතාවට හිරිහැරයක් නොවන පරිදි සංවිධාන කළ යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා අවධාරණය කරයි.
නිසි ප්‍රමිතියෙන් තොර පිරිකර සම්බන්ධයෙන් ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. එවැනි පිරිකර අලෙවි කරන්නන් පිළිබඳ පාරිභෝගික අධිකාරිය දැනුවත්කිරීමට කටයුතු කරන බව ද නිමල් කොටවෙලගෙදර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොය දින වැඩසටහන් කියන්නෙ දන්සැල් නෙවෙයි. උදේ සිට රෑ වන තෙක් ප්‍රමිතියක් නැති බුදුදහමට නොගැලෙපෙන කවි වන්දනා අනවශ්‍ය ලෙස ශබ්ද විකාශන උපෙයා්ගී කිරීම වැනි ඒ්වායි.
පොහෝදින ආගමික වැඩ සටහන් වල ප්‍රමිතිය සොයන්න කලින් නැතිවෙමින් පවතින බොදු අයිතිය, විනාශ කරන බොදු පුද බිම ගැන සොයන්න කියල මම මේ අයට කියනවා .
ඉතාම කාලෝචිත දෙයක්, බුදුන්වහන්සේගේ ඉගැන්වීම කියන්නේ, වන්දනා කවි, ගාථා, මවුගුණ කවි, ශබ්ද විකාශන උපයෝගී කරගෙන මහා හඬින් විකාශනය කිරීම නොවේ.. එයින් සිත නිවෙනවද ? අටලෝ දහමට නොසැලෙන සිත් හදාගත්, සිත් නිවාගත් බෞද්ධයෝ කී දෙනෙක් ඉන්නවද? අඩුගණනේ දන්සල් දීම මගින් දානයවත් සිදු කරගන්නවා, කරුණාකරලා පොහෝදින සියලු බෞද්ධයෝ පන්සල් ගිහින් දාන, ශීල, භාවනාවත් වඩාගන්න. සිත් නිවාගන්න බුදුන්වහන්සේගේ ඉගැන්වීම නොවඩා වෙන මොකකලත් අපි බෞද්ධයෝ නොවේ.
උතුම් වූ වෙසක් පොහෝ දින ඔළුබක්කෝ නැටීම, නලා හැඬ වීම, නොගැළපෙන වෙස්මුහුණු විකිණීම, බුදු දහමට නොගැලපෙන සැම දෙයක්ම තහනම් කල යුතුය. ඒ විතරක් නොවයි විනාශ කරන බොදු පුද බිම ගැන සොයන්න කියල සියලුම නිලධාරීන්ගෙන් කාරුණිකව එල්ල සිටිනවා . ස්තුතියි ......!!!
ශාසනාරක්ෂක බල මණ්ඩල නිලවරණය වසරින් වසර පමා කිරීමටත් නොහැකිවෙන්න ප්‍රමිතියක් ගේනවා නම් හොඳයි නේද ?