කැස්බෑවේ බිල්ඩින් වැඩපොළක පෑස්සුම්කරුවකු (20) බොල්ගොඩ වෙල්යායක් අසලදී මරා පුළුස්සා දැමී යැයි සැකපිට මාස 5කට පසුව හිටපු පෑස්සුම්කරුවකු ඇතුළු දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූහ.
කැස්බෑව මහේස්ත්‍රාත් සුනිල් වීරසිංහ මහතා ඉදිරිපිටදී අද (5) මියගිය තරුණයාගේ කොටස් ගොඩගත්තේය. සූරියවැව, මහගල්වැව පදිංචි ඉන්දික සඳරුවන් නමැති මේ තරුණයා වෘත්තීය ඊර්ෂ්‍යාව මත මරා දමන්නට ඇතැයි පොලිසිය කියයි.
පසුගිය ජනවාරි 28 වැනිදා ඔහුට ගංජා සුරුට්ටුවක්දී මරා පෙට්‍රල් දමා දෙවරකදී පුළුස්සා වල දමා ඇතැයි කියති.
මඩපාත පෞද්ගලික ආයතනයක සේවය කළ මෙම තරුණයා අතුරුදන්වී ඇතැයි පැමිණිලි කර ඇත්තේ මහගල්වැව නන්දන හිමියන් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd