IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පිස්සෙක් මන්නයක් අරගෙන බේරුවල හොල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත ද සිල්වා)

බේරුවල පොදු වෙළෙඳ පොළේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පාලනය කිරිම සඳහා ගිය පොලිස් සැරයන්වරයකුට එම පුද්ගලයා මන්නෙන් පහරදීමෙන් තුවාල ලබා ඇතැයි බේරුවල පොලිසිය කියයි.

මෙම සිද්ධියත් සමඟම සැරයන්වරයා රාජකාරි ගිනි අවියෙන්  අහසට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි.

පුද්ගලයකු මන්නයක් රැගෙන පොදු වෙළඳපොල තුළ වෙළඳසැල්වලට පහර දෙමින් කලාහකාරී ලෙස හැසිරෙන බවට 119 පොලිස් නිලධාරීන්ට දැනගැනීමට ලැබීමත් සමගම එම ස්ථානයට ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු විසින් මන්නා පහරක් සැරයන්වරයා වෙත එල්ල කර තිබූ බව පොලිසිය කියයි.

ඒ සමගම සැරයන්වරයා අත දරා සිටි රාජකාරිය ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇතත් එම පුද්ගලයා පාලනය කිරීමට නොහැකි වී ඇති අතර නගරවාසීන් එක්ව එම පුද්ගලයා මෙල්ල කර පොලිසියට බාර කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මානසික ආබාධයෙන් පෙළෙන්නෙක් බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (2)

පිස්සෙක් මන්නයක් අරගෙන බේරුවල හොල්ලයි

ලුම්බිණි Monday, 01 May 2023 04:25 AM

ඔයිට පිස්සෝ රටම හොල්ලගෙන ඉන්නේ.

:       0       1

විජිත් Monday, 01 May 2023 05:05 PM

ෂුවර්ද " රනිල් " නොවෙයි කියලා ? මොකද මිනිහත් පිස්සන් කොටුවෙන් පැනලා , කියව කියව හැමතැනම අවිදිනවාලු තවත් පිස්සෝ රැලක් එක්ක.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site