ඉදිරි තීරණාත්මක මහ මැතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් වන බවට පළවන වාර්තා අසත්‍ය බව අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සුපුරුදු පරිදි තමන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව අමාත්‍යවරයා කියයි. අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා 1976 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එක් වරක් එනම් 2010 වසරේදී පමණක් බවත් එම නිවේදනයේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා පරිනත දේසපාලකයෙක්. වංචා දුෂණ චෝදනා නැති අවංක නායකයෙක්. ඔබතුමා ගෙදර හිටියත් ජයග්‍රහණය කරනවා. (නදී)
[‘පස්ස දොරෙන් එන්නේ නැහැ....] එහෙම එන්නේ රස්සාවක් කරගන්න, වැටුපක් බලාපොරොත්තු වෙන අය. රටට වැඩක් කරන්න පුළුවන්, උගත්, අවංක අය එන්නේ මැතිවරණයකින් ජයග්‍රහණය කරලා.....(ම)
පස්සදොරෙන් එන්න මේක ෆිල්ම් හෝල් එකක් කියල හිතුවද? (ම)
ඔබලාට මේ රටේ දේශපාලනය කරන්නට කිසිම සදාචාරයක් නැත. (නදී)
එහෙනම් ඔබතුමාගේ නායකයා වගේ නොවෙයි. එයා අගමැතිකමට ආව හැටි වෙන්නැති ඔය කියන්නේ.(ම)