IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පස්වස් කොළ සැලැස්ම ලෑස්තියි

රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරි වසර පහේදී ක‍්‍රියාත්මක කළ යුතු සැලැස්ම එක්සත් ජාතික පක්‍ෂය මේ වන විටත් සකසා ඇතැයි ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රටේ අනාගත පාලනය හිමිවන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බවට ජාත්‍යන්තරයේ ද විශ්වාසයක් ගොඩ නැඟී ඇතැයි කී හර්ෂ ද සිල්වා මහතා ඉදිරියේ දී ජාත්‍යන්තර සහය ද රටේ ආර්ථිකය දියුණු කරන බව කීවේය.

පසුගිය කාලයේ ගමන් කළ වැරදි ආර්ථික මාර්ගයෙන් රට මුදා ගැනීම දින 100කදී කළ නොහැකි බව කී ආචාර්ය සිල්වා මහතා රට නිවැරදි ආර්ථිකයක් කරා ගෙන ඒමේ අඩිතාලම එම කාලයේ ද දැමූ බවද සදහන් කළේය.

web1

 

 



අදහස් (0)

පස්වස් කොළ සැලැස්ම ලෑස්තියි

ජයත් Friday, 03 July 2015 04:55 PM

බයවෙලා හොඳටම ... (ර)

:       0       0

අනුශ්ක Friday, 03 July 2015 06:23 PM

සැළසුම් ඇතුව වැඩකිරීම නම් හොඳයි (නි)

:       0       0

ක්‍රිස්ටි Friday, 03 July 2015 06:24 PM

ඡන්දය දිනන්න එපායැ මේවා කරන්න (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 03 July 2015 10:48 AM

රට බෙදා වෙන් කිරීමට පිඹුරු පත් සකසන බව බුද්ධිමත් ජනතාව දන්නවා.(ම)

:       0       0

රෝහණ Saturday, 04 July 2015 06:40 AM

තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් රටට ජාතියට වැඩක් කරන්න. (නදී)

:       0       0

සහන් Friday, 03 July 2015 07:00 PM

එජාපයට ආසන 135ක් ලැබෙනවා නියත වශයෙන්. (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 03 July 2015 11:18 AM

"කතාව දෝලාවෙන්- ගමන පයින්. (හේ)

:       0       0

ජයන්ත Friday, 03 July 2015 11:23 AM

නොකියා කියන්නේ බලය තම පක්ෂයට දෙන්න කියලනේ.(හේ)

:       0       0

ට්‍රිෂාන් Friday, 03 July 2015 12:08 PM

ඉදිරි සැළසුමක් ඇතුව වැඩකරන එකනම් ඉතාම හොඳයි (නි)

:       0       0

ඉන්දික Friday, 03 July 2015 12:30 PM

ලංකාව වගේ රටක් හදන්න පුළුවන් ප්‍රයෝගික දැනීම ඇති එඩිතර නායකයන්ට පමණයි.(හේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 03 July 2015 12:32 PM

ශ්‍රී ලංකා එකේ කොන්ද පණ තිබෙන, බුද්ධිමත් පිරිසකුත් ඉන්නවා (නි)

:       0       0

සත්‍යයා Friday, 03 July 2015 10:51 PM

පස් අවුරුදු නොවෙයි දස අවුරුදු සැළසුම් හැදුවත් මහජනයා ඡන්දය දුන්නොතින්නේ ඕවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. (නි)

:       0       0

නිමාෂා Saturday, 04 July 2015 03:56 AM

"රටේ අනාගත පාලනය හිමිවන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බවට ජාත්‍යන්තරයේ ද විශ්වාසයක් ගොඩ නැඟී ඇතැයි " කිව්වට රට අභ්‍යන්තරයේ විශ්වාසය බිඳ වැටිලා නේ. සුපුරුදු උඩඟු බව මත තනි පැහැයක සැලසුම් හැදුවට ලංකාවට එය ගැලපෙන්නේ නැහැ. ලංකාවේ ඇස් දැන් විවිධ වර්ණවලට පුරුදු වෙලා හින්ද. (නදී)

:       0       0

ලලිත් Friday, 03 July 2015 04:14 PM

වෙන රටවල් වල අපේක්ෂකයෝ ඡන්දෙ ඉල්ලන්නේ ඉදිරි සැලසුම ජනතාවට කියල. ජනතාව ඡන්දෙ දෙන්නේ එම සැලසුමටයි. නමුත් අපේ රටේ කරපු වැඩ ගැන කියල ඉස්සරහට කරන වැඩ පිළිවෙල නොදැනයි ඡන්දෙ දෙන්නේ. බලයට ආවාම එයාලට හිතෙන හිතෙන දේ කරනවා. ජනතාව කරකියාගන්න දෙයක් නැතිව බලාගෙන ඉන්නවා.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 107 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site