රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ඉදිරි වසර පහේදී ක‍්‍රියාත්මක කළ යුතු සැලැස්ම එක්සත් ජාතික පක්‍ෂය මේ වන විටත් සකසා ඇතැයි ප‍්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
රටේ අනාගත පාලනය හිමිවන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බවට ජාත්‍යන්තරයේ ද විශ්වාසයක් ගොඩ නැඟී ඇතැයි කී හර්ෂ ද සිල්වා මහතා ඉදිරියේ දී ජාත්‍යන්තර සහය ද රටේ ආර්ථිකය දියුණු කරන බව කීවේය.
පසුගිය කාලයේ ගමන් කළ වැරදි ආර්ථික මාර්ගයෙන් රට මුදා ගැනීම දින 100කදී කළ නොහැකි බව කී ආචාර්ය සිල්වා මහතා රට නිවැරදි ආර්ථිකයක් කරා ගෙන ඒමේ අඩිතාලම එම කාලයේ ද දැමූ බවද සදහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙලා හොඳටම ... (ර)
සැළසුම් ඇතුව වැඩකිරීම නම් හොඳයි (නි)
ඡන්දය දිනන්න එපායැ මේවා කරන්න (නි)
රට බෙදා වෙන් කිරීමට පිඹුරු පත් සකසන බව බුද්ධිමත් ජනතාව දන්නවා.(ම)
තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් රටට ජාතියට වැඩක් කරන්න. (නදී)
එජාපයට ආසන 135ක් ලැබෙනවා නියත වශයෙන්. (නි)
"කතාව දෝලාවෙන්- ගමන පයින්. (හේ)
නොකියා කියන්නේ බලය තම පක්ෂයට දෙන්න කියලනේ.(හේ)
ඉදිරි සැළසුමක් ඇතුව වැඩකරන එකනම් ඉතාම හොඳයි (නි)
ලංකාව වගේ රටක් හදන්න පුළුවන් ප්‍රයෝගික දැනීම ඇති එඩිතර නායකයන්ට පමණයි.(හේ)
ශ්‍රී ලංකා එකේ කොන්ද පණ තිබෙන, බුද්ධිමත් පිරිසකුත් ඉන්නවා (නි)
පස් අවුරුදු නොවෙයි දස අවුරුදු සැළසුම් හැදුවත් මහජනයා ඡන්දය දුන්නොතින්නේ ඕවා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. (නි)
"රටේ අනාගත පාලනය හිමිවන්නේ එක්සත් ජාතික පක්‍ෂයට බවට ජාත්‍යන්තරයේ ද විශ්වාසයක් ගොඩ නැඟී ඇතැයි " කිව්වට රට අභ්‍යන්තරයේ විශ්වාසය බිඳ වැටිලා නේ. සුපුරුදු උඩඟු බව මත තනි පැහැයක සැලසුම් හැදුවට ලංකාවට එය ගැලපෙන්නේ නැහැ. ලංකාවේ ඇස් දැන් විවිධ වර්ණවලට පුරුදු වෙලා හින්ද. (නදී)
වෙන රටවල් වල අපේක්ෂකයෝ ඡන්දෙ ඉල්ලන්නේ ඉදිරි සැලසුම ජනතාවට කියල. ජනතාව ඡන්දෙ දෙන්නේ එම සැලසුමටයි. නමුත් අපේ රටේ කරපු වැඩ ගැන කියල ඉස්සරහට කරන වැඩ පිළිවෙල නොදැනයි ඡන්දෙ දෙන්නේ. බලයට ආවාම එයාලට හිතෙන හිතෙන දේ කරනවා. ජනතාව කරකියාගන්න දෙයක් නැතිව බලාගෙන ඉන්නවා.(බ)