වැලිමඩ, බොරලන්දේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවැති කිරිපිඩු දානමය පිංකමට හා ධාතු මන්දිරයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමේ උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා වේදිකාවේ හිඳගෙන සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ ඇඳුම නිසි පිළිවෙළට සකස් කිරීමට කැපවන අයුරු කැමරා කාචයේ සටහන් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සපත්තුව වහනවා නේද. බොරු විගඩම්, කළ හොඳ නොහොඳ, හදවත දනී. (ම)
වැඩිහිටියන්ට සැලකීම දේශපාලනයට වඩා උතුම්ය (නදී)
මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ සමහරුන් ඔහු ඉදිරියේ හැසිරුනේ වහලුන් මෙනි.මෙම ඡායාරූප වලින් එය මනාවට ඔප්පුවනවා. සමහරු ඒ එදා තිබුණු වහල්බාවය සහ වහල් මනස තාමත් ගෙනයනවා
ලොකු බණ්ඩාර මහත්තයට බදුල්ලෙන් අායෙත් දිනන්න අමාරු වගේ පේන්නේ. (නදී)
අයියෝ!මෙයාගේ වැඩ අපි දැක්කනේ පහුගිය කාලේ පාර්ලිමේන්තුවෙන් පස්සේ. පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කළේ මෙයාලා තමයි. (නි)
ශාන් සෞදි, සරත් ෆොන්සේකා යුද හමුදාවේ ඔයිට කලිනුත් හිටියා. තවත් ජනාධිපතිවරුත් හිටියා. කොරාද? (නදී)
රෙද්ද හදනවා නෙමෙයි පරණ ජනාධිපතිතුමා පන්සලට සපත්තු දලා අාපු එක පෙන එක වහනවා. (ම)
රජකාලෙත් ඔය වගේ අය හිටියලු. (නි)
ඔබතුමා රජෙකු නොව රට බාරගත්ත දෙවියෙකි . ඔබතුමා නොහිටින්න අද කෑගසන එක බලු කුක්කෙකු හෝ නොහිටිමු . බුදු සරණයි (ම)
ඉස්සරත් හිටියා සපත්තු සුප් බීපු අය. (නදී)
එංගලන්තේ මහා රැජිනගේ පුතාගේ පුතාට ඉපදුන පුතාට වදින උදවිය තම පියාගේ වයසේ වැඩිහිටියෙකු වන රට රැකගත් නායකයාගේ ඇදුම හදන තරුණයට අවඥා කරන්නට හදන රටක් මේක. මේ සිංහල විදිහට හැදුන තරුණයා වැඩිහිටියෙකුට ආදරයෙන් කරන මේ දෙය බලන්නට චමත්කාරජනකයි. මෙය කැලණියේ ඉන්න ඇමැති තනතුරක් ලබාදුන් නිසා නායිකාවට දන බිම ඇන වැද වැටෙනවා වැනි නිවට දෙයක් නොවේ. (බ)
පන්සලකට ගිහින් සපත්තු ගළවන්න බැහැ,බිම ඉඳගන්න බැහැ.රටට පෙනෙන්න බණ අහන්නෙත් බංකුවේ ඉඳගෙන. (නි)
හොඳින් බැලුවොත් මහින්ද වීරකෝන් කියපු එක හරි වගේ . (ර)
සාගර මෙතුමා නෙවේ ගෝටාභය හා සරත් ෆොන්සේකා නොයින්න අද ඔය බලු කුක්කෝ විතරක් නෙවේ ඔය කෑ ගහන බලු තඩියොත් අද නැහැ (නදී)
සපත්තු දෙක දාගෙන පන්සලේ. (ර)
සපත්තුව වහනවා නේද. බොරු විගඩම්, කල හොද නොහොද, හදවත දනී. (ර)
ධාතු මන්දිරයේ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම වගේ වැදගත් දෙයකටවත් සපතු ගළවන්න බැරි අයට ඉන්දිඅනු අගමැතිතුමා හොඳ ආදර්ශයක්. බලන්න එතුමාගේ අනුරපුර චාරිකාව (නි)
බෞද්ධාලය කකුල් දෙකෙන් පේනවා (ම)
දැන් ද පන්සල් මතක් වුණේ (ම)
මහින්දට අපි කාලගුණ සලකන්න ඕනේ, රටට ආදරේ ය මහින්ද එක්කයි.(හේ)
පස්වාන් දහසකට අවසර රජතුමනි, මම වගේ අයෙකුට කළ හැකි වෙන දෙයක් නැත. එහෙයින් මට ඔබ වහන්සේගේ වස්ත්‍රය හැදීමට ඉඩදෙන්න. මෙවන් පුද්ගලයින් පාර්ලිමේන්තුවට යවා රට සංවර්ධනය කළහැකිද? (නි)
මහින්ද ඔබ වගේ නමට බෞද්ධයෙක් නෙවේ, එතුමාගේ සෙරෙප්පුව තරම් වත් ඔබ වටින්නේ නෑ. රට බේරාගත් නායකයට අපහස නොකරන්න (ම)
බයියනේ සතුටුවෙයල්ලා උඹලටත් ඕනෙ රාජපක්ෂ පවුල සැප ගන්නවා බලන්නනේ.. ඔන්න එතුමා ජනාධිපති නොවී ජනාදිපති කෙනෙක්ටත් වඩා සැපට ඉන්නවා. තව ඕනෙනන් ඉතින් එතුමා ඔය පාවිච්චි කරන වාහන වල ෆොටෝ දෙක තුනක් ගෙදර බිත්තියේ එල්ලලා පුද පූජා කරපල්ලා. රජතුමාගේ වාහනනේ.. අනික උඹලා අපි කවදා ඕවා ගන්නද? (අ)
ලොවම දිනු පියෙක් අප්පචි කෙනෙක් දිර්ඝායුෂ (අ)
රට බේරාගත් නායකයට අපහස නොකරන්න.(හේ)
ඕකට කියන්නේ ඇදුම හදනවා නෙවෙයි... (ර)
මහින්ද හිටපු ජනාධිපති වෙලා මෙහෙම නම්, ජනාධිපති වෙලා හිටපු කාලේ කොහොමට තියෙන්න ඇත්ද? මහින්දව අගමැති කරන්න නෙවේ වටින්නෙ. අගමැති වුනොත් දැන් ඉන්න ජනාධිපතිටත් ගේම දීල කලින් ගත්තු සැප අයෙමත් ගනියි.(නදී)
සුදේෂ් කලින් හිටිය තමයි ඒ හිටියේ යුද හමුදාපති හැටියට නොවේ අනෙක කලින් වුණ්නු ආරක්ෂක ලේකම්ලා වැඩ කළේ මොවුන්ගේ පදේට නමුත් ගොඨාබය මහතා වැඩකලේ රට ගැන හිටලා අනෙක ඔහුට විරුද්ද වන්න මහින්ද මහතා ගියේ නැ හැබැයි ඔතන ගොඨාබය මහතා හැර වෙන කෙනෙක් වුණ්නා නම් තවමත් අපිට කොටි ගහනවා (අ)
ජාතික ඇඳුම ඇඳලා සපත්තු මේස් දානවද? දන්නේ නැති හින්දයි අහන්නේ (නි)
වයසින්ද , හැකියාවෙන්ද , එතුමා ඇත්තටම වැද නමස්කාරය කිරීමෙට සුදුසු පුද්ගලයෙක් (ම)
කලින් එක්කෙනෙක් සපත්තුවේ අඩිය ගළවාගෙන ඇවිල්ලා ඒක දැකපු විදේශ මාධ්‍ය හොඳ ගානකට ඒක ගන්න හැදුවලු. මේ සපත්තුවත් එහෙම වෙයිද දන්නේ නැහැ. (නි)
රට බේරාගත් නායකයට ඔහොම අපහාස කරන එක වැරදියි. (නදී)
සපත්තු දෙක දාගෙනද පන්සලට එන්නේ? (නි)
අනේ මෙහෙමත් වැඩ.(හේ)
මොනවා වහන්න හැදුවත් වැඩක් නැහැ,බොරුව පේනවා නේද? තමන්ගේ සෙරෙප්පු දෙක තරම්වත් පුජනිය ස්ථානයක් වටින්නේ නැහැ. මේ පන්සල් ගානේ යන්නේ මේ රටටවත් මිනිසුන්ටවත් ආදරේට නෙමෙයි. මේ රටේ එදා වේල කන්න නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? ඒ ටිකත් නැතිකරලා දාන්න පුළුවන්නේ. (නි)
මාලි,ඔබ හරියටම හරි. (නි)
අනේ මෙහෙමත්මෝඩ මන්ත්‍රීලා මුළු ඉතිහාසයේවත් දැකලා නෑ, (හේ)
පන්සලේ ගිහින් සපත්තු සෙරෙප්පු ගලවන්නේ කොහොමද බන්? සේරම එනකොට උස්සල.එතකොට එයා හරි. අපිටනේ බන් හැමදාම මොලේ නැත්තේ. රට බේරපු නායකයට ගරු කරන එක අපේ යුතුකම .සෙරෙප්පුවක් අල්ලාගෙන විකාර ලියන්න එපා. (අ)
මිට කලින් දෙපතුල ළඟ වාඩි වී සිටි ඇමැති මතක් වෙනවා. මහින්ද මහතාගේ පුතාලාටත් නැති අතිශයෝක්ති ගරුත්වයක් . (ම)
උච්චා සයන, මහා සයන, හාමුදුරු නමක් සමග සමාන උසකින් වාඩි වීම වැරදි නේද?(හේ)
ඇඳුමනේ හදන්නේ.... වරදක් නැහැනේ! (නි)
ලැජ්ජ නෑනේ මේ අයටත්.(හේ)
අයියෝ! ලැජ්ජාවේ බැහැ (නි)
මම ඒත් බැලුවා ළඟකදී මල් වට්ටිය අරගෙන යනවා දැක්ක නැත්තේ මොකද කියලා. (නි)
ඕන දෙයක් අපේ මොකද (අ)
පසුගිය කාලේ මේ වගේ දේවල් කොච්චර වුනාද?(හේ්)
ඔබතුමාගේ කාලේ ඉවරයි. තවත් බුද්ධිමත් මිනිස්සුන්ව ගොනාට අන්දන්න බෑ. (ම)
කොහොමත් පුරුදු සම්ප්‍රදාය නේ. (හේ)
මේ විහාරේ නොවේ. පන්සල් භුමියේ තිබුණ උත්සව සභාව බව පෙන්නේ නැද්ද?(හේ)
මම දාල ඉන්න සපත්තුව හරියට අඳුරගන්න බැරි ගොන් රැල (බ)
මේ වන්දිභට්ටයෝ තවමත් නමස්කාර කරන එක නවත්වලා නැහැ වගේ. රජතුමා සපත්තුත් දාගෙනම පන්සල ඇතුළේ (නි)
අර අහවලාගේ තැන ගන්න කෙනෙක් ඉන්නත් එපායැ නේද ? ලජ්ජා නැහැනේ හැබෑටම? (නි)
මේක වන්දිභට්ට වැඩක් මිස වෙන කිසිවක් නොවෙයි. අනික දැන් හාමුදුරුවරුත් එක්ක එක හා සමානව ඉඳගන්න එක සුළු දෙයක් වෙලා. (නි)
පන්සලට සපත්තු දාගෙන ඇවිල්ලා නේද? හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ... (නි)
ඉස්සර අතේ කරක කරකා හිටපු වශී බෝල දැන් නැහැ වගේ. සුනිල් පෙරේරාගේ සින්දුවක කෑල්ලකුත් මට මතක්වුණා (නි)
මහින්ද කවදාද මේ විදිහට වැලිමඩ පැත්තේ ආවේ? දැන් මේ එන්නේ මොකද කියලා හොඳට තේරෙනවා.. (නි)
මගේ හිතට එන දේවල් කියන්න බැහැ (නි)
දහම්, කණ්ණාඩිය ගළවලා බලන්න (නි)
මෙහෙම අය ගොඩාරියක් ඉන්නවා නේද ? (අ)
මහින්ද මහත්තයා ජනාධිපතිව ඉන්න කාලේ සමහරු දණගහලා වැන්දා. උදිත ලොකුබණ්ඩාර මන්ත්‍රීතුමා නම් මේ වඳිනවා නෙමෙයි. මහින්ද මහත්තයා වටේ හිටපු අයත්, ඉන්න අයත් හැමදාම කළේ 'පෙනෙයි කියලා වහන එකයි'. එ්කෙන් මහින්ද මහත්තයට වුණු 'සන්තෑසිය' දන්නෙත් මහින්ද මහත්තයම තමයි. (නි)
මේකත් හරි කියන නිවටයෝ ඉන්නවනේ! (නි)
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බෙරේ (ම)
හොඳට බලන්න නිකන් උඩු බුරන්නේ නැතිව. එයා හදන්නේ වැටිලා තිබෙන කොලයක් අහුලන්න. (හේ)
සපත්තුව නොවෙයි, කළු කවරයක් සහිත ෆයිල් එකක් බිම වැටිලා . (හේ)
මන්ත්‍රී කමටත් ලැජ්ජයි (ම)
මෙයා හදන්නේ සපත්තු දෙක වහන්න නේද? මොකද අනිත් අය ඔක්කොම ඉන්නේ සපත්තු ගළවලා හින්දා (නි)
මාලී.... කොලයක් නෙවි ළමයෝ.. පේන විදියට නම් ලොකු මුදල් නෝට්ටුවක් වගෙයි.(ම)
මට මතක් වුණා ඉස්සර එක ඇමති කෙනෙක් බිම පෙරළිලා කකුලක් දෙකට නමලා මොකක්දෝ අමුතු වඳින ක්‍රමයකට මොහුගේ කකුල ළඟ දණගැසුවා. එදා එහෙම කළ එයා අනේ අද කියන දේවල් මේ රජතුමාට? අර කිව්වත් වගේ රජතුමා සපත්තුත් දාගෙනම පන්සල ඇතුළේ? (නි)
යුද්දේ ඉවර කරපු එක රට බේරා ගත්ත කියන එකට සමාන නැහැ.(හේ)
මේ වගේ අයටත් මිනිස්සු ඡන්දෙ දෙනවනේ. (අ)
මොකද වුණේ කියලා බණ්ඩාර මහතාගෙන්ම අහලා බලමු. (නි)
සට්ටම්බි රාළ ,දන්නේ නැති අය හොයල දැනගන්න ඔහුට අයත් කටයුතු...(බ)
සුපුරුදු සේවයේ යෙදෙන පිවිතුරු යහපාලට එදා යන්න බැරිවෙලා. ඒ වෙනුවට ගරු ඇමතිතුමා වරද වහන්න උත්සාහයක යෙදෙනවා. වුනෙත් එහෙමයි. අනාගතයේ වෙන්නෙත් එහෙමයි. මෙවැන්නක් එතරම් නොසැළකිය යුතු වුනත් බොහෝ වැදගත් ඡායාරුපයකි. කැමරාකරුව සහ ලංකාදීප පුවත්පත අගය කරමි. (නදී)
මේ වගේ අය ගැන තවත් මොන කතාද? (නි)
දේශපාලනය පන්සලට රැගෙනගොස් පන්සලුත් විනාශ කරන එකයි මෙ කරන්නේ. ගමෙ පන්සල් වල දායකයින් සැම පක්ෂයක්ම නියොඡනය කරන විවිධ මත දරන අය ඉන්නවා. මෙ වැඩෙන් විරුද්ධ මත දරන ගමේ පිරිස පන්සල එක්ක එහි ස්වාමින් වහන්සේලා එක්ක විරසක වෙනවා. පන්සලක උත්සවයකට දැනට තනතුරු දරන රාඡ්‍ය නායකයකුට ආරාධනා කිරිමත් දෙශපාලන පරමාර්ථ මත හිටපු නායකයකුට ආරාධනා කිරිමත් දෙකක්. මහිනදගේ දේශපාලන ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ පන්සල් හරහා විම කනගාටුවට කාරණයක් මෙන්ම එය බෞද්ධ ශාශනයට කරන ලොකු විනාසයක්. මේවගේ ක්‍රියා කිරිම සහ ඒවාට අනුබල දිම මහා පාප කර්ම ගණයට වැටෙනු ඇත.(නදී)
තවත් සෙරප්පු සුප් කෙනෙක් බිහි වෙළාද ? (නදී)
සපත්තුවක් කොහෙද මා ළග සරමනේ අල්ලන් ඉන්නේ (නදී)
මේ වන්දිභට්ටයෝ තවමත් දන නමස්කාර කරන එක නවත්වල නැහැ වගේ. (නදී)
හොඳ, හොදමයි, නරක නරකමයි. හැමෝම ගාව මේ දෙකම තියනවා. ඒ අය ඒවා දැන් විදිනවා. බලයත්,සුළග වගේ එක තැන රැදෙන්නේ නැහැ කියල මෙයාලට කව්රුත් කියා දිල නැහැ. කොහොම උනත් සපත්තු දාගන පන්සල් ගියේ පන්සලත් දැන් දේශපාලන වේදිකාවක් කියල සිතාගෙනද දන්නේ නැහැ. ලැජ්ජා හිතෙනවා නේ (නදී)
ඕක තමා හැමදාම කළේ. වැරැද්ද වහන එක. (නි)
මට සින්දුවක කොටසක් මතක් වෙනවා."අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් "කිවුවලු (නි)
අයියෝ! ලැජ්ජා නැද්ද? (නි)
අපේ නායකයා මහින්ද තමයි. ලංකාවේ මහින්ද වගේ කොන්දක් තියන වෙන නායකයෙක් නැහැ. (නදී)
මෙහෙම දේවල් පෙන්නලා තමයි මිනිස්සුන්ව මුලා කරලා යසට තිබුණු රට විනාශ කලේ. දැන් රටට වෙලා තියෙන විනාශය ගැන කතා කරන්න, වැඩකට නැති පින්තූර උලුප්පගෙන දඟලන්නේ නැතිව.(නදී)