කොළඹ රාජකීය, ආනන්ද සහ නාලන්ද ඇතුලු පාසල් 13කට පසුගිය වසර තුනේ එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා පන්තිවලට සිසුන් ඇතුළත් කර ගත් ආකාරය සහ ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතුළත් කර ගත් ආකාරය පිළිබඳ සවිත්සතරාත්මක වාර්තාවක් වගුවක ආකාරයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විදුහල්පතිවරුනට නියෝග කළේය.

එලෙස නියෝග කැරුණේ කොළඹ ආනන්ද, නාලන්ද, රාජකීය, ඩී ඇස් සේනානායක, ඉසිපතන, තර්ස්න්, මහානාම, දේවි බාලිකා, සිරිමාවෝ බණ්ඩාරනායක, විශාඛා, ගෝතමී බාලිකා, ගාල්ල රිච්මන්ඩ් සහ මාතර රාහුල යන පාසල්හි විදුහල්පතිවරුනටය.

ලංකා ගුරු සංගමය සහ දෙමාපියන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (31) ප්‍රියසාත් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන සහා උපාලි අබේරත්න මහත්වරුන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේ එම නියෝගය කැරිණි.