( ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව නගරයේ ජනප්‍රිය පාසලක එක වසර සිට හය වසර ශ්‍රේණි සදහා පාසැල් ළමයින් 05 දෙනෙකු ඇතුළත් කරදීමට දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ 10 කට අධික මුදල් වංචනික ලෙස ගත් බව කියන කාන්තාවක (39) අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය කියයි.
වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය විසින් විවිධ බැංකු ගිණුම් හරහා මෙන්ම අත්පිට මුදල් ද ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.
ඇය මින් පෙරද අවස්ථා කීපයකදි අයථා අන්දමින් මුදල් උපයා ගැනීම් සම්බන්ධයෙන් වරද පිළිගෙන අධිකරණ නියමයන්ට යටත් ව සිට ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd